කොළොන්නාවේ කිසිම පුරවැසියෙක්ට අසාධාරණයක් වෙන්න මං ඉඩ දෙන්නේ නෑ



පසුගිය රජය සමයේ ලෝ ලෙවල් මාර්ගය හදන්න අවශ්‍ය මූලික සැලසුම් කළාට සත පහක් වත් වන්දි ගෙවන්න සැලසුම් කරලා තිබුනේ නෑ. වැඩ ආරම්භ කරන එක හීනයක් බවටයි පත් වෙලා තිබුනේ. කොළොන්නාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට තියෙන ප්‍රධානම මාර්ගය තමයි ලෝ ලෙවල් මාර්ගය.මේ ආණ්ඩුව යටතේ රුපියල් බිලියන 2.6 ක් වෙන් කරලා තියෙනවා ලෝ ලෙවල් පාර හදන්න. පාර දෙපස පදිංචිකරුවන්ට වන්දි ගෙවන්න තවත් බිලියන 3.2 වෙන කරලා තියෙනවා. මේ අවුරුද්දට රුපියල් බිලියන 1.5 ක් වන්දි ගෙවනවා පළමු වටයේ රුපියල් මිලියන 408 ක් වන්දි ගෙව්වා අද දෙවැනි වටයේදී මිලියන 238 ක් වන්දි ගෙවනවා සිංහල අලුත් අවුරුද්දට කලින් තවත් මිලියන 400 ක වන්දි මුදල් ලබා දෙනාවා.  හැමෝම කියනවා පාර හදන්න මුල් ගල තියමු කියලා. මගේ ප්‍රතිපත්ති එහෙම නෙමෙයි .මුල් ගල් තියලා වැඩ වේගයෙන් කෙරෙන කොට මිනිස්සුන්ව අයින් කරන්න වෙනවා. ඒ නිසා කොළොන්නාවේ ජීවත්වන කිසිම පුරවැසියෙක්ව වන්දි ගෙවන්නේ නැතිව බලහත්කාරයෙන් ඉවත් කරන්න මං ඉඩ දෙන්නේ නෑ යනුවෙන් කොළාන්නාව එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මැතිතුමා ලෝ ලෙවල් මාර්ගය පුලුල් කිරීම වෙනුවෙන් දෙවන අදියරේදී  වන්දි මුදල් ප්‍රදානෝත්සවයේදී පවසන ලදී.

ඔරුගොඩවත්ත -  අඹතලේ  පාර හදන එකේ ප්‍රධාන වටිනාකම තමයි මේ මාර්ගය හරහා අධිවේගී මාර්ගයෙන් පිටවන හා ඇතුලත් වන වාහන ගමන් කරනවා . අධිවේගී මාර්යේ කොට්ටාවෙන් පිටවෙලා කොළඹට එන්න පැයකට වඩා යනවා, සමහරු අය කඩවතින් පිටවෙලා කොළඹට එනවා.නමුත් අඹතලේ ඔරුගොඩවත්ත මාර්ගය මංතීරු 4 ක් ලෙස පුලුල් ලෙස හැදුනාම කොට්ටාවෙන් කඩවතින් යන්න ඕනේ නෑ කඩුවෙලින් පිටවුනාම විනාඩි 15 න් කොළඹට එන්න පුලුවන් . මේ මාර්ගය මීටර් 27 ක් පළලයි. මීටර් 15 ක් මහා මාර්ගය, මීටර් 5 ක් පදිකයින්ට මංතීරු, මීටර් 5 ක් සේවා මංතීරු තව මීටර් 2 ක් කාණු පද්ධති, මේ තරම් විශාල කාණු පද්ධතියකුත් හදන්නේ දියවන්නාවට හා කැලණි ගගට වැසි ජලය යොමු කරන්න .එතකොට අතුරු මාර්ග වලද ජලය රැදෙන්නේ නෑ.ගිය අවුරුද්දේ අතුරු මාර්ග හදන්න පුලුවන් වුනේ රුපියල් මිලියන 9 ක විතරයි. මේ වසරේ රුපියල් මිලියන 110 ක් ලැබෙනවා අතුරු මාර්ග සංවර්ධනයට ඒකෙන් මිලියන 100 ක් අතුරු මාර්ග කාපට් කරන්නත් , මිලියන 10 ක් ලැබෙනවා කුට්ටි ගල් ඇතිරීමටත් ලැබෙනවා. අතුරු මාර්ග හදලා වැහි වතුර බැහැලා යන ක්‍රමයකුත් හැදුවාම තමයි මේ පාර හදන එකේ නියම වටිනාකම ලබා ගන්න පුලුවන් වෙන්නේ. ඒ වටිනාකම් ආපුවාම තමයි කොළොන්නාවේ ජන ජීවිතය දියුණු වෙන්නේ , ජන ජීවිතය දියුණු වුනාම තමයි විවිධ සමාගම් කොළොන්නාවට එන්නේ එහෙම ආවාම තමයි රැකියා අවස්ථා උදා වෙන්නේ එතකොට තමයි කොළොන්නාව සංවර්ධනය වෙන්නේ. 

කොළොන්නාව ජනාකීර්ණ වුනාම මේ ප්‍රදේශයට බැදිලා තියෙන විවිධ අපවාද වලින් ගැලවෙන්නත් පුලුවන් ජනතාවට පෙනෙයි කොළොන්නාව මොන විදියට දියුණු වෙනවද කියලා. එහෙම උනොත් තමයි. දෙහිවල මොරටුව කඩුවෙල මහරගම ජීවත් වෙනවා වගේ ජීවන මට්ටම උසස් ජනතාවක් බිහි කරන්න පුලුවන් වෙන්නේ. මේ මාර්ගය  හදන්න බිලියන 2.6 ක් යනවා ඒ මුදල් අරගෙන තියෙන්නේ ඔපෙක් ආධාර යටතේ.වන්දි ගෙවන්න බිලියන 3.2 යනවා.සේවා මාර්ග හදන්න මිලියන 700 ක් යනවා.විදුලියට මිලියන 500 ක් යනවා අඹතලේ ඉදලා මුලු කොළඹ නගරයටම ජලය සපයන මාර්ගයේ අලුතින් වතුර බට එලන්න බිලියන 6.5 ක් යනවා. වතුර බට වලට හානි වෙනවා කියලා මේ මාර්ගය හැදුවේ නෑ මේච්චර කාලේකට . මේ මාර්ගය වට හතකින් ඉදි වෙනවා වැල්ලම්පිටිය සිට ඔරුගොඩවත්ත දක්වාත් ගල්වාන හංදියේ සිට සිට අංගොඩ දක්වාත් හැදෙනවා. මේ අදියර දෙකේ වන්දි සම්පූර්ණයෙන්ම දීලා තමයි පාරේ වැඩ පටන් ගන්නේ.මේ පාර හදලා කොලොන්නාවේ ජනතාවට සංවර්ධනයේ අරුණලු උදා කරලා කොළාන්නාව සමෘද්ධිමත් කරන පැහැදිලි නාගරික සැලස්මකට අපි යනවා මෙගා පොලිස් සංවර්ධන සැලැස්ම තුළ කොළොන්නාවේ පාරවල් හදන්න පාසල් දියුණු කරන්න වගේම කුණු කන්ද ඉවත් කරන්නත් වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා. එය කඩේකට ගිහින් බඩු ගන්නවා වගේ බෑ. බිලියන 17 පමණ මුදල් වැය වෙන වැඩක් එච්චර වියදම් ගියත් ඒකත් අපි කරනවා.

එස්.එම්. මරික්කාර් මහතා තවදුරටත් මෙලෙස අදහස් දක්වන ලදී, අපි සංවර්ධන කටයුතු කරන කොට බොහෝ අය අහනවා , මේ ආණ්ඩුව සංවර්ධන කටයුතු කරන්නේ නෑ නේ කියලා ඒකට කොළොන්නාවේ තියෙන ජීවමාන සාක්ෂීයක් තමයි මෙම වන්දි ලබා දීම. අතුරු මාර්ග ගිය අවුරුද්දේ සංවර්ධනය කළා . ඒ විතරක් නෙමෙයි අද කොලොන්නාවේ ප්‍රජාත්‍රන්ත්‍රවාදය තියෙනවා, නිදහසේ ඉන්න පුලුවන් , පක්ෂ පාට භේදයකින් තොරව ඕනම කෙනෙක්ට දේශපාලන කරන්න නිදහස තියෙනවා. වර්තමානයේ කොළොන්නාවේ මීනීමැරුම් නෑ මේ වසරටම වුනේ එකම එක සිද්ධියයි වුනේ. මේ වෙනකොට වෙඩ් තැබීම්, ගල් ගැසීම් තියෙනවාද කොළොන්නාවේ. මත්ද්‍රව්‍ය ඔක්කොම පාලනය වෙලා තියෙනවා. ආණ්ඩුව මෙහෙම කටයුතු කරනකොටත් අහනවා සංවර්ධන කටයුතු කරනවාද කියලා. දැන් මේ බිලියන 7 වියදම් කරන්නේ සංවර්ධනයට නොවේද  , රජයේ සේවකයින්ට පඩි වැඩි කරපු එක බඩු මිල අඩු කරපු එක, කිරිපිටි මිල , ගෑස් මිල අඩු කරපු එක , ඩීසල්,ප්‍රෙට්‍රල් , භූමිතෙල් මිල අඩු කරපු එක දැන් ගොඩක් අයට අමතකයි. ඒ නිසා ඒවා ගැන විමල් වීරවංශ ඇතුලු පිරසගෙන් ප්‍රශ්න කරන්න කැමතියි. එහෙනම් අපි පරණ මිලටම මේවා ලබා දෙන්නද කියලා.රජයේ සේවකයින්ට වැඩි කරපු රු.10000 අඩු කරන්නද කියලා, ඒ අය  කරපු විදියටම කොමිස් ගහලා බාල පොහොර ගේන්න දෙන්නද ,එහෙමත් නැතිනම් ඉස්සර අධ්‍යාපන ඇමතිලා කලා වගේ බිලියන 2.5 ඇදුම් බෙදලා මිලියන 500 ක් කොමිස් ගහන්න ඒවා වෙන්න ඉඩ දෙන්නද ඕනේ කියලා විමසන්න කැමතියි. 

ඒකාබද්ධ විපක්ෂය තියෙන බය තමයි පසුගිය කාලේ හොරකම් කරපු අය අත්තඩංගුවට ගන්න එක. මහින්ද මහත්තයා ළග තමයිනේ පයිල් තියෙන්නේ එයා දන්නවා ඊළගට අත්තඅඩංගුවට ගන්නේ කවුද කියලා. මහින්ද මහත්තයා දන්නවා ගහපු කට්ටියයි.ගහපු ගානයි හරියටම. දැන් ඕනේ ඉක්මනට ආණ්ඩු පෙරලලා මේ පරීක්ෂණ යටපත් කරන්න. ඒකට තමයි පොල් ගහන්නේ ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කිව්වා වගේ ඒ ගහන්නෙත් හොරු පොල් තමයි. ආණ්ඩුවේ ඉඩම් වලින් හොරකම් කරපුවා. ආණ්ඩුවේ දේවල්ම හොරකම් කරලා පුරුදු පොල් ගහලා ආණ්ඩු වට්ටලා  මේ හොරකම් සම්බන්ධ කරන පරීක්ෂණ යටගහන්නයි වුවමනා වෙලා තියෙන්නේ. විමල් වීරවංශ  ජනතා විමුක්ති පෙරමුණේ ඉදලා ආවේ. අපි දන්නවා ඔහු කැමති හන්දි හන්දි ගානේ කොල්ලෝ රස්තියාදු ගහනවාට ඒ අය රස්සාවක් නැතිව අසහනයෙන් ඉන්නකොට ලේ රත් කරන්න පුලුවන් එහෙම කරලා සටන් වලට කියලා ඔවුන්ගේ අතට ආයුධ දෙන්න පුලුවන්. එතකොට කැරලිකාර තත්වයක් ආවොත් එයාලට බලයට එන්න පුලුවන්. ඉන්දියානු විරෝධයක් ගෙනල්ලා තරුණ තරුණියන් කුලප්පු කරලා මේ රට නැවත ලේ විලක් කරන්නයි වුවමනාව තියෙන්නේ. මොකද එහෙම නොකර ඊළග වසර 5 ඇතුලත මෙගාපොලිස් හදලා, අපනයන ආදායම වැඩි කරලා , සංචාරක කර්මාන්තය දියුණු කරලා , මාලු වලට යුරෝපීය වෙළද පොලේ ඉල්ලුම වැඩි කළාම, ඇගලුම් වලට ලෝක වෙළද පොළේ හොද මිලක් නියම වෙලා අපේ රට දියුණු වෙලා මැදි ආදායම් ලබන රටක සිට ඉදිරි අවුරුදු 5 දී  දියුණු මට්ටමේ රටක් වුනාට පස්සේ ඔවුන් දන්නවා බලයට එන්න බෑ කියලා. 

ඒ නිසා මේ වගේ අභියෝග එන එක සාමාන්‍යයයි. අපි ඉල්ලා සිටිනවා විපක්ෂයෙන් මේ වගේ විවේචන කරන්න කියලා. මේ වගේ උද්ඝෝෂණ කරන්න ඒ හරහා අපිට ශක්තිය දෙන්න, අපිව වේගවත් කරන්න. එමගින් රට සංවර්ධනය කරන මාවතකට යොමු කරන්න අපිට උදව් කරන්න. උදව් කරලා ඒකේ ප්‍රතිලාභ මේ රටේ පුරවැසියන්ට ලබා දෙන්න කියලා. එහෙම කරන විට අපි වැඩකරනවා වැඩියි. රට දියුණු වෙනකොට කොළාන්නාව දියුණු වෙනවා. කොළාන්නාව දියුණු වෙනකොට පුරවැසියනන්ගේ ජනජීවිතය දියුණු වෙනවා. එහෙම වෙනකෙට දරුවන්ගේ අධ්‍යාපනික සාක්ෂරතාව වැඩි වෙනවා. එය වැඩි වෙනකොට මත්පැන් මත්ද්‍රව්‍ය වලින් ඈත්වුණ සමාජයක් ගොඩනගන්න පුලුවන් ඉගෙන ගත්ත මිනිස්සු වැඩි වෙනවා.වෛද්‍යවරුන්,ඉංජිනේරුවන්, කළාකරුවන්, ක්‍රිඩකයින් බිහිවන තැනක් බවට පත්වෙනවා. එතකොට අපිට පුරවැසියන් ලෙසටත් ප්‍රදේශවාසීන් ලෙසටත් වටිනාකමක් ලැබෙනවා වගේම ප්‍රදේශයටත් වටිනාකමක් ලැබෙනවා.


Share on Google Plus