මහින්ද දුන්නු එක මරික්කාර් හෙළි කරයි.


මේ රටේ යටිතල පහසුකම් පසුගිය රජය සංවර්ධනය කළා කියලා කිව්වට, ඒවා කළේ අපේ රටේ අපි හම්බ කරන අපේ ආදායමෙන් නෙමෙයි. ගිණි පොලියට ණය අරගෙනයි කලේ. එහෙම ණය ගත්තේ මොකටද හොරකම් කරන්න.වැඩි කොටස හොරකම් කරලා ඉතුරු සොච්චම තමයි සංවර්ධනයට යෙදෙවුවේ. එමෙන්ම රටට ගන්න තියෙන අපනයන බදු සහන නැතිවෙලා, ආනයනය ප්රේමාණය සීඝ්රනයෙන් වැඩි වෙලා අපනයනය අඩු වෙලා, රටේ ණය බරතාවය උපරිමයකට ගිය රටක් තමයි අපිට භාර දුන්නේ. නැතුව රෝස මල් යහනාවක තිබුණු සුන්දර ආර්ථිකයක් නෙමෙයි යැයි පාර්ලිමේන්තු මන්ත්රීර එස්.එම්. මරික්කාර් මහතා විශේෂ මාධ්යද හමුවකදී පවසන ලදී.

පසුගිය වසර 10 වසරක කාලයක තුළ අපේ රටේ නිෂ්පාදන වලට ලොක වෙළද පොළේ තිබුණු ඉල්ලුම පහත වැටුණා. අපනයනයට තිබුණු ජී.එස්.පී + සහනය නැති වුනා. සංචාරක කර්මාන්තය දියුණු වුනේ නෑ. අපේ රටේ මාලු වලට යුරෝපයේ වෙළද පොළේ පැවති ඉල්ලුම නැතිව ගියා. ඒකට හේතුව තමයි ළිං මැඩියන් පිරිසක් වගේ දූපත් මානසිකත්වයෙන් ජීවත් වන මිනිසුන් සිටින රටක් ලෙස මහින්ද රාජපක්ෂ ප්ර මුඛ කණ්ඩායම මේ රට පත් කරලා ලෝකයෙන් හුදකලා වුන නිසා තමයි අපට ණය අරගෙන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට අවශ්ය් රටක් බවට පත් වුනේ. එකේ ප්රටතිඵලයක් ලෙස තමයි 2000 වසරේදී ලෝකයේ අපනයන ආදායමෙන් 0.8 % ක් හිමි කර ගෙන තිබූ ලංකාව 2015 දී මහින්ද රාජපක්ෂ මහතා මේ රට භාර දීලා යනකොට 0.6% කට ඒක අඩු වෙලා තිබුණා. ඒ කියන්නේ අපේ අපනයන වලට ලෝක වෙළද පොළේ තිබුණ ඉල්ලුමෙන් 25% අඩු වෙලා තියෙනවා. අද දළ දේශීය නිෂාපාදිතයෙන් 14% ක්ම ලැබෙන්නේ අපනයන ආදායමෙන් . මේ මට්ටමින් ගිහිල්ලා අපේ රට දියුණු කරන්න පුලුවන් ද කියන ප්ර ශ්නය ඕනෑම පුද්ගලයෙක්ට තියෙනවා .අපනයන අදායම අවම වශයෙන් 30% කටවත් ඉහළ දාන්න ඕනේ. 

කොහොමද අපි එහෙම කරන්නේ අපේ සංචාරක, ධීවර, කෘෂි අපනයනය, ඇගලුම් මෙන්ම විදේශ රටවලින් ගෙන එන්නට නියමිත ආයෝජකයින්ට අපේ රටේ විතරක් නෙමෙයි අනිත් රටවල ද වෙළද පොළ අවස්ථා ලබා ගන්න පුලුවන් වෙන්න ඕනේ. මොක ද ලංකාව කියන්නේ කුඩා රටක් ඒ අයෝජකයින්ගේ නිෂ්පාදන වලට වෙළද පොළ මදි. වෙළද පොළ මදිනම් ඔවුන් එන්නේ නෑ ඒ නිසා. තමයි ඉන්දියාව වගේ ලෝකයේ විශාල ජන සංඛ්යාිවක් ජීවත් වන රටක අවශ්යඔතාවයන් වැඩියි. අපේ රටට එන අයෝජකයින්ගේ නිෂ්පාදන වලට ඉන්දීය වෙළද පොළ ලබා දීම අනිවාර්ය වෙනවා. ඒ වගේම සංචාරක ව්යාකපාරයේදී 2014 අවුරුද්දේ සංචාරකයෝ ලක්ෂ 14 ක් ඇවිල්ලා තියෙනවා එතකොට 

මෙයාලගෙන් ලැබුණු ආදායම ඩොලර් බිලියන 2.71 දළ වශයෙන් එක් සංචාරකයෙක් වියදම් කරලා තියෙන්නේ ඩොලර් 159 යි. අපි මේක ඩොලර් 400 ටවත් ගේන්න සංචාරකයාට වියදම් කරන්න අතිරේක මාර්ග හදන්න ඕනේ. ඒකට රාජපක්ෂ ආණ්ඩුව කළා වගේ කොළඹ කැසිනෝ දාළා ගණිකා වෘත්තිය නීතිගත කරන්න සූදනාමක් නෑ. නමුත් ඔවුන්ගේ මුදල් වියදම් කරන්න පුලුවන් ආකාරයේ ෂොපින් මෝල් සහ සියලු පහසුකම් සහිත හෝටල් ආදිය ඇති කරන්න ඕනේ. රජය මීට අවශ්යආ පසුබිම හදනාවා මොකද 2018 වෙනකොට සංචාරකයින්ගෙන් මේ රටට ලැබෙන ආදායම් ඩොලර් බිලියන 5 දක්වා වැඩි කරන්න පුලුවන් නම් අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයට එන ආදායම ඉතාමත් විශාල වෙනවා.මේක තමයි ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. එමෙන්ම ඉදිරියේදී අගමැති තුමා ප්රවධාන රජය යුරෝපයට මත්ස්යක අපනයනය ලබා ගෙන, ජී එස් පී + සහනය ලබා ගන්නවා. වර්තමානයේදී ජී.එස්.පී + නොමැති නිසා ඇගලුම් කර්මාන්ත ගොඩක් නැති වෙලා තියෙනාවා. ඒ ආයෝජකයෝ බංගලාදේශය හා වෙනත් ආසියාතික රටවලට ගිහින් තියෙනවා . ඒ ආයෝජකයෝ නැවත අපේ රටට ගෙන්න ගන්න ඕනේ නම් මේ ඇගලුම් අපනයනයට අවශ්යෙ බදු සහන ගන්න ඕනේ. මෙම ගින් ඩොලර් බිලියන 10 ක් දක්වා අපනයන ආදායම වැඩි කර ගන්න පුලුවන් වෙන්නේ.

පසුගිය කාලේ එක්සත් ජාතික පක්ෂය පරාද වෙද්දීත් මේ රටේ ජනතාවට මතයක් තිබුණා මේ රටේ ආර්ථිකය හදන්න පුලුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි කියලා. විශේෂයෙන්ම අපේ අගමැති රනිල් වික්රකමසිංහ මහතාගේ තියෙන ජාත්ය්න්තර සම්බන්ධතා හා ආර්ථික දක්ෂතා භාවිතා කරමින් මේ රට සමෘද්ධිමත් රැකියා සුලභ රටක් බවට පත් කරන්න පුලුවන් විශ්වාසයට තමයි ජනතාව අපිට ජනවරම ලබා දුන්නේ. විපක්ෂයේ බලවේග වලට ඕනේ ආර්ථිකය කඩන් වට්ටවලා හරි බලය ගන්න. ඒකට අපි ඉඩ දෙන්නේ නෑ .ඒ නිසා ඒකාබද්ධ විපක්ෂය ප්ර මුඛ සංධානයට කියනවා මේ රට ගොඩ නගන්න ඉඩ දෙන්න කකුලෙන් අදින්නේ නැතිව අපිට අවශ්ය් කාලය දෙන්න කියලා.

Share on Google Plus