අපි අත්සන් කරන්නේ රටට හිතකර ගිවිසුමක් - එස්.එම්.මරික්කාර්.

නූපන් දරුවන් ණය කාරයින් බවට පත් කළ පසුගිය ආණ්ඩුවට, ඉට්කා වැනි නූපන් ගිවිසුම් වලට බොරු නම් තියෙන එක මහ වැඩක් නෙමෙයි.

ඉට්කා ගිවිසුම තවම නිර්මාණය කරලා නෑ. එදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2008 දී තමයි රටට අහිතකර සීපා ගිවිසුම් අත්සන් කරන්න ගියේ. ඒ සීපා ගිවිසුමේ අඩුපාඩු ම`ග හරිමින් රටට හිතකර ගිවිසුමක් ස`දහා එක`ගතාවක් පමණයි තියෙන්නේ, එහෙම හදපු නැති ගිවිසුමක් වෙනුවෙන් තමයි විපක්ෂය ප්‍රමුඛ කණ්ඩායම් බියකරු චරිත මවන්නේ.  නූපන් දරුවන් ණය කාරයින් බවට පත් කළ පසුගිය ආණුඩවට, ඉට්කා වැනි නූපන් ගිවිසුම් වලට බොරු නම් තියෙන එක මහ වැඩක් නෙමෙයි යැයි ඉකුත් දා කොළොන්නාවේ පැවැති මාධ්‍ය හමුවක දී කොළාන්නාව එක්සත් ජාතික පක්ෂ පක්ෂ සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීහ.

වර්තමානයේ ඉට්කා ගැන විශාල සමාජ කතාබහක් ඇති වෙලා තියෙනවා. ඒ අතර ඉට්කා ගැන අසත්‍ය ප‍්‍රචාර පතුරවන කණ්ඩායම් වල ප‍්‍රධානම තර්කය වන්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය ලංකාවට එනවා කියලයි, ඊට අමතරව ලංකාවේ රැකියා ඉන්දියානුවන්ට ලබා දෙනවා කියලයි.

රෝ ඔත්තු සේවයට ලංකාවට එන්න  ඕනේ නම් ගිවිසුම් අවශ්‍ය වෙන්නේ නෑ. එහෙම කරනවානම් ඒක ඔත්තු සේවයක් වෙන්නෙත් නෑනේ. එමෙන්ම කිසිදු සේවා ගිවිසුමක් මෙයට අන්තර්ගත කරන්නේ නෑ කියලා අගමැතිතුමා පවා පාර්ලිමේන්තුවේදී සහතික වුනා. එහෙනම් ඇයි බොරුවට කෑ ගහන්නේ. 2002 - 2004 කාලයේත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ලෝක බැංකු ආධාර සහ ජාත්‍යන්තර මූල්‍ය අරම ුදල් ආධාර යටතේ රට සංවර්ධනය කරන්න සැලසුම් කරාම තමයි, විමල් වීරවංශ ඇතු`ථ කණ්ඩායම් කෑ ගැහුවේ අපි ලෝක බැංකුවේ ප්ලග් එක ගලවනවා කියලා. එහෙම කියලා ප්ලග් එක ගැහුවේ හොරකම් කරන්න, මිනීමැරුම් හා අතුරුදහන් කරන්න, වංචා දූෂණ සිදු කරන්නයි. 

බොරු ජාතිමාමක බවක් පෙන්නලා මේ රටේ විනාශය කරා ගෙන යන්නයි මේ කණ්ඩායම් වලට දැන් අවශ්‍යව තියෙන්නේ.

රටක් සංවර්ධනය කරන කොට කර්මාන්ත හා සේවා අංශය දියුණු කරන්න  ඕනේ. රැකියා දශලක්ෂයක් ඇති කිරීමේ වැඩසටහනේදී රජයේ රැුකියාවන්ම බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා පෞද්ගලික අංශයේ රැුකියා අවස්ථා ඇති කරන්න  ඕනේ, විශේෂයෙන්ම මැද පෙරදිග ගෘහ සේවයට යන පිරිස අඩු කරන්නනම් රටේ ආර්ථිකය දියුණූ කරන්න, සංචාරක කර්මාන්තය, ධීවර කර්මාන්තය, ඇ`ගලූම් කර්මාන්තය, කාර්මික , තොරතුරු තාක්ෂණය ආදී කර්මාන්ත සහ කේෂත‍්‍ර දියුණු කරන්න  ඕනේ. එතකොට මේවා පටන් ගන්න පුහුණු ශ‍්‍රමය අවශ්‍යයයි. එතකොට ඉට්කා ගිවිසුම මගින් අප රටේ කර්මාන්ත ස`දහා අවශ්‍ය මානව සම්පත පුහ ුණු කිරීමට ඉන්දියාවෙන් සහාය ලබා ගන්න ලබා ගන්න පුලුවන්.

ගො ්ලීයකරණයත් එක්ක රටකට හුදකලාව ගමනක් යන්න බෑ ලෝකයේ වෙනත් රටවල් සම`ග සම්බන්ධකම් පවත්වන්න වෙනවා. පසුගිය රජය චීනයත් සම`ග විතරයි විදේශ සම්බන්ධතා පවත්වා ගත්තේ, නමුත් වර්තමාන රජය ලෝකයේ සිය`ථ රවල් සම`ග හො`දින් විදේශ සම්බන්ධතා පවත්වනවා. ඉන්දියාව හෝ වේවා රුසියාව , ඇමෙරිකාව , චීනය සම`ග වුවත් වෙළ`ද ගිවිසුම් අත්සන් කරන්න පුථවන් නම් එය අපි ලබන විශාල ජයග්‍රහණයක්. කලාපීය මානසිකත්වයෙන් ඔබ්බට ගිහින් වෙනත් රටවල් සම`ග ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා දේශපාලනික වශයෙන ් සම්බන්ධතා පැවැත්වීම අපේ ආණ්ඩුවේ වගක ීමයි. ඒ නිසා විපක්ෂයේ පිරිසත් පටු දේශපාලන වාසි පිණිස අන්තවාදය හා ජාතිවාදය වපුරමින් ඉන්දියා විරෝධි මතයක් මවමින් රටේ ඉදිරි ගමන ශක්තිමත් කරන මෙම වෑයම කඩාකප්පල් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ.

Share on Google Plus