රාජ්‍ය ආයතන රැසක් විකිණීමට සැරසේ


ශ්‍රී ලංකා රජය ඉල්ලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇති ණය මුදල ලබා ගැනීම සඳහා රාජ්‍ය ආයතන රැසක්‌ම ප්‍රතිව්‍යූහගතකරණය කිරීමටත් ඒවායේ කොටස්‌ විකුණා දැමීමටත් රජය සැලසුම් කර ඇතැයිද ඊට කැබිනට්‌ අනුමැතියද ලැබී ඇතැයිද රජයේ ආරංචි මාර්ග පවසයි.

මේ යටතේ ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, ශ්‍රී ලංකන් ගුවන් සේවය, ලිට්‌රෝ ගෑස්‌ සමාගම, නැව්වලට තෙල් සැපයුම් කටයුතු, ගුවන් යානාවලට තෙල් සැපයුම් කටයුතු, සළුසල, ලක්‌සල, නොරොච්චෝල හා කෙරවලපිටිය විදුලි බලාගාර, ජනවසම, ඇල්කඩුව වැවිලි සංස්‌ථාව ආදී ආයතන ගණනාවක්‌ ප්‍රතිව්‍යූහගත කර ඒවායේ කොටස්‌ අලෙවි කෙරේ.

රජයට බරක්‌ වී ඇති සහ විශාල ණය මත පවත්වාගෙන යන අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගතකරණය සඳහාද කැබිනට්‌ අවසරය ලැබී තිබේ. 



Share on Google Plus