ක්‍රිකට් අර්බුධයක් - ශ්‍රී ලංකාවේ ප්‍රබලයන් දෙදෙනෙක් ගෙදර යන සුදානමක්.


වත්මන් කි‍්‍රකට් පරිපාලනයේ මතුව ඇති අර්බුධකාරී තත්ත්වයන් හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයින් දෙදෙනෙකු ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. 

කි‍්‍රකට් ආයතනයේ ඉහළ නිලධාරීන් සිවුදෙනෙකු එහි සේවකයන්ට දිගින් දිගටම සිදු කරන කෙනෙහිලිකම් මෙම තීරණයට හේතුවී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. 

ඔවුන් කි‍්‍රකට් ආයතනයේ සේවකයන් අපහසුතාවට පත්කරමින් ඇතැයිද තොරතුරු වාර්තා වනවා. 

මේ හේතුවෙන් එහි සේවය කරන සේවකයින්ට උදාවී ඇත්තේ නිදහසේ රාජකාරී කරගෙන යාමට නොහැකි තත්ත්වයක්. 

මේ පිළිබඳ කි‍්‍රකට් ආයතනයේ උප සභාපතිවරුන් දෙදෙනා සභාපති තිලංග සුමතිපාල මහතාද දැනුවත් කර  තිබෙනවා. 

ඉදිරියේදී මේ සම්බන්ධයෙන්  තීන්දු තීරණ නොගතහොත් අදාළ විධායක කමිටු සාමාජිකයින් දෙදෙනා සිය ධුරවලින් ඉල්ලා අස්වනු ඇති බවයි වාර්තා වන්නේ.

Share on Google Plus