චන්ඩි මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදීන්ට මරණ තර්ජන තර්ජන.


මේ සතියේ පලවීමට නියමිත ‘සත්හඬ' පුවත්පත සම්බන්ධයෙන් පෝස්ටරයක් ඇලවීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනෙකුට තර්ජනය කර පෝස්ටර් උදුරාගෙන ගොස් ඇති බව වාර්තා වේ.

අද (05) උදෑසන බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේ ‘රාජපක්ෂලා සැරෙන්ඩර්' යනුවෙන් සටහන් කර තිබූ පෝස්ටරය අලවමින් සිටි මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට කඩුවෙල මහ නගරසභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු තවත් තිදෙනෙකු සමග WP 644287 අංකය දරණ මෝටර් රථයෙන් පැමිණ තම දේශපාලන හයිය පෙන්වා ගොස් ඇත.

‘රට බේර ගත්ත නායකයාට විරුද්ධව පෝස්ටර් ගහන්න දෙන්න බෑ. හෙට වෙනකොට ගහල තියෙන ඔක්කොම පෝස්ටර් ඉරල දාන්න ' යැයි තර්ජනය කරමින් නාගරික මන්ත්‍රීවරයා මේ හැසිරී ඇත්තේ රාජපක්ෂවරුන් යටතේ රට පවතින කාලයේ රාජපක්ෂ හෙංචයියන් හැසිරුණු ආකාරය සිහි කැඳවමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම මාධ්‍යවේදීන් දෙදෙනා අප හා පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් උපරිමයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි.

කිසිදු විවේචනයක් ඉදිරිපත් කිරීමට කිසිදු ඉඩක් නොතබා රට ගෙන ගිය රාජපක්ෂවරුන්ගේ ඒ අප්‍රසන්න දායක හැසිරීම අවසන් කිරීමට පසුගිය වසරේ ජනවාරි 08 වෙනිදා මහජනතාව පැහැදිලි තීරණයක් දී ඇති මොහොතක යහපාලන රජය යටතේද එවැන්නක් සිදුවීම කණගාටුදායක කරුණක් බව මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු පැවසීය.

Share on Google Plus