ෆොන්සේකාට එරෙහිව පෙත්සමක්


එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙක් නොවන සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් එක්සත්ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු මේජර් අජිත් ප‍්‍රසන්න විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කෙරිණි.

ගොනු කළ මෙහි වගඋත්තරකරුවන් ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එම කොමිසමේ සමාජිකයින්, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති.


Share on Google Plus