SEX කියන්නේ මොකද්ද?

සේයාරුව : අන්තර්ජාලයෙනි
'SEX කියන්නේ කුනුහරුපයක් නෙමෙයි' යන තේමාවෙන් INSEL සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂක විමුක්ති දුෂාන්තගේ සංකල්පයක් මත 'Sex Positive Education Sri Lanka' නමින් වෙබ්අඩවියක් ජන ගත කිරීමට කටයුතු යොදා තිබේ.

එම web අඩවිය තුළින් ශ්‍රී ලංකික ජනතාව වෙත ලිංගික අධ්‍යාපන දැනුම, උපදේශනය මෙන්ම යහපත් සෞඛ්‍යමත් ජිවිතයක් පිළිබඳව දැනුවත් කිරීමට නියමිතය.

එසේම, උත්තම පූජා නමින් සමාජ සත්කාර web සාමුහිකයක් ද දියත් කිරීමට නියමිතය.

එමඟින්, සරණක් අවැසි මිනිසුන් උදෙසා පිහිටක් වීම අපේක්ෂිතය.

උත්තම පූජා, මාධ්‍යවේදී අසංක බණ්ඩාරගේ සංකල්පයක් මත INSEL සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂක විමුක්ති දුෂාන්තගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන්නකි.


Share on Google Plus