අද ශාසනයට විශාලම තර්ජනය ශාසනය ඇතුළතින්මයි - අගමැති රනිල් වික්‍රමසිංහ.



මෙරට ශාසනයට විශාලම තර්ජනය ඇතිවී තිබෙන්නේ ශාසනය ඇතුළතින් ම යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.හෙතෙම මේ බව කියා සිටියේ රත්නපුර හිදැල්ලන ශ්‍රී මහා විහාරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම වෙනුවෙන් පැවැති උත්සව සභාව අමතමිනි.

එහිදී අගමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.

හිදැල්ලන ශ්‍රී මහා විහාරාධිපති ඉන්දරතන ස්‌වාමීන් වහන්සේ පිරිසිදු චරිතයක්‌ තිබෙන උගත් ස්‌වාමීන් වහන්සේ නමක්‌. ඔබ වහන්සේ අනෙකුත් ස්‌වාමීන් වහන්සේලාට අලි පැටව් විකුණන බවට සාක්‍ෂි තිබෙන තත්ත්වයට වැටුණ ස්‌වාමීන් වහන්සේ නමක්‌ නොවෙයි. ඔබ වහන්සේ රජයේ බලයෙන් කොළඹ තිබෙන පන්සල් බලෙන් අල්ලාගෙන සිටින ස්‌වාමීන් වහන්සේ නමක්‌ නෙවෙයි. ඔබ වහන්සේ මැණික්‌ ව්‍යාපාරයෙන් ගත් මුදල් වෙන කොහේaදෝ යෑවූ නායක ස්‌වාමීන් වහන්සේ නමක්‌ නෙවෙයි. ඔබවහන්සේ බෞද්ධයකු ලෙස ඉපදී බෞද්ධයකු ලෙස ඉන්නවා. ඔබ වහන්සේවත්, ජනාධිපතිතුමාවත්, මමවත් මේ ස්‌ථානයේ සිටින ගිහියන්වත් එංගලන්තයෙන්, ප්‍රංශයෙන් ගෙන්වා ගත් බෙහෙත් ගාගෙන අව්වේ සිටින අය නොවෙයි. ඔබ වහන්සේ එවැනි ක්‍රියා නොකරන නිසා නායක ස්‌වාමීන් වහන්සේ නමක්‌ ලෙස ඔබ ගෞරවයට පාත්‍ර වෙනවා.

අද ශාසනයට තිබෙන විශාලම තර්ජනය වන්නේ ශාසනයේ පිරිහීමයි. එවැනි පිරිහීමක්‌ ඇති වන්නේ ශාසනය ඇතුළතිනුයි.

Share on Google Plus