විජේවීර නැවත පැමිණෙයි


යක්කල - මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ කන්දක ගල් ගුහාවක තිබී ඊයේ සොයා ගත් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ දැව පිළිරුවට වසර 25ක් පමණ පැරණි බව හෙළි වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරක් මත මෙය සොයා ගත් අතර එය මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබෙන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එහිදී පිලිකුත්තුව පූජා භූමියේ පුරාවිද්‍යා නිලධාරින් විසින් ද පිළිරුව පරීක්ෂා කරනු ලැබුවා.

එහිදී මෙය වසර 25 කට පමණ පැරණි පිළිරුවක් බවට තහවුරුවී තිබෙනවා.

කිසියම් කෙනෙකු එම පිළිරුව ගල්ගුහාවේ සගවා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.



Share on Google Plus