සිසුවියට අතවර කළ කෝටිපති පුතාව මහ උළු ගෙදර යවමින්ට විනිසුරුවරිය කළ නිර්භීත ප්‍රකාශය.


ජා ඇල පොලිසියේ ස්‌ථානාධිපති තමන් බව අඟවා තම නිවසට යෑමට බස්‌ නැවතුම්පොළේ රැඳී සිටි සරසවි ශිෂ්‍යාවක රැගෙන ගොස්‌ ඇයට අතවර කිරීම සම්බන්ධයෙන් වරදකරුවකු වූ කෝටිපතියකුගේ  පුතෙකුට බස්‌නාහිර පළාත් බද මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් බරපතළ වැඩ ඇතිව තිස්‌හත් වසරක සිර දඬුවම් ඊයේ (3 දා) නියම කරනු ලැබුවා. 

වත්තල හුණුපිටිය වේවැල්දූව පාරේ පදිංචි විසිඅට හැවිරිදි මෙම තරුණයා ඇයට අතවර කර ඇත්තේ පසුගිය වෙසක් පොහොය දින  තම පියාට අයත් ලැගුම් හලක් තුළදීයි. 

සරසවි සිසුවියට රුපියල් ලක්‍ෂ විසි හතක වන්දියක්‌ ගෙවීමට සහ රුපියල් 45,000 ක දඩයක්‌ ගෙවීමට  ද මෙම තරුණයාට අධිකරණය නියම කර තිබෙනවා. 

විත්තිකරුට දඬුවම් නියමකරමින් මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය කළ ප්‍රකාශය පහතින් දැක්වෙනවා. 

"තමා ධනය සහ බලය පෙරටු කරගෙන සමාජය දීප්තිමත් කිරීමට සිටි අහිසංක සරසවි ශිෂ්‍යාවකගේ අනාගතය අඳුරු කළා. තමාගේ තාවකාලික ලිංගික ආශාවන් ඉටු කර ගැනීම සඳහා පාපතර සහ තිරිසන් ලෙස සරසවි ශිෂ්‍යාවගේ අනාගතය කෙළිබඩුවක්‌ ලෙස සලකා විනාශ කලා. මෙවැනි බරපතළ වැරදිවලට අධිකරණයෙන් උපරිම, දඬුවම් ලබා දීමට පසුබට වන්නේ නෑ".


Share on Google Plus