රවීට එරෙහිව රේගු වෘත්තීය සමිතිය අවි අතට ගනී.


සමස්ත ලංකා රේගු සේවා සංගමය හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් පසුගිය මාර්තු 10 වන දින පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍ය රවි කරුණානයක මහතා විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් වහාම එම ප‍්‍රකාශයන් ඉල්ලා අස්කරගන්නා ලෙසත් එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජේ.ඒ. ගුණතිලක මහතා මුදල් අමාත්‍යවරයාට දන්වා සිටී.


එම සංගමය මගින් මේ පිළිබඳව දන්වමින් රවි කරුණානායක අමාත්‍යවරයාට ලිපියක් යොමු කර ඇති අතර එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ පාර්ලිමේන්තුවේදී කළ ප‍්‍රකාශය සත්‍ය බව ඔප්පු කරන්නේ නම් තම සංගමය විසුරුවා හරින බවත් එබැවින් මෙම ප‍්‍රකාශය සත්‍ය බවට ඔප්පු කළ නොහැකි නම් පාර්ලිමේන්තුවේදී කරන ලද මෙම ප‍්‍රකාශය වහාම ඉල්ලා අස්කරගත යුතු බවත් ය.


එම සංගමය මගින් මේ පිළිබඳව යොමු කරන ලද ලිපිය සම්පූර්ණ ලෙස මෙසේ පල කර සිටිමු.




Share on Google Plus