උතුරෙන් හමුවූ රත්‍තරන් ගැන අගමැතිගේ හෙළිදරව්ව



එල්ටීටීඊ සංවිධානය බාරයේ තිබී සොයා ගනු ලැබූ රත්‍රන් සහ යුද්ධයෙන් අනතුරුව උතුරේ ජනතාවට බෙදා දුන් රන් භාණ්ඩ සම්බන්ධයෙන් පරස්පරතා පවතින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

උතුරේ වැසියන් අතර අවස්ථා ගණනාවකදී බෙදා දී ඇති රන් භාණ්ඩ සම්බන්ධයෙන් පරස්පරතා සහිත සංඛ්‍යා ලේඛන සහ අපැහැදිලි තත්වයන් ගණනාවක් පවතින බව අගමැතිවරයා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවේදී විමසන ලද අවස්ථවේදී.

රන් භාණ්ඩ බෙදා දීම සම්බන්ධයෙන් පවතින එවැනි අපැහැදිලි ස්ථාන සොයා ගැනීම පාර්ලිමේන්තුව සතු වගකීමක් බව තමා විශ්වාස කරන්නේ යැයි ඔහු පැවසීය.

'මෙතන ඉන්නවා මේ ගැන දන්න උතුරේ මන්ත්‍රීවරු, හමුදාවට එදා අණ දුන්න සරත් ෆොන්සේකා මැතිතුමා, එදා ජනාධිපති සහ ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ. මේක පාර්ලිමේන්තුව තුලම සොයා ගන්න පුළුවන්.' අගමැතිවරයා සඳහන් කළේය.

''අපේ රටේ ප්‍රසිද්ධ කියමනක් මට සිහිපත් වෙනවා. අනුන්ගේ රත්තරන් අපි අරන් මක්කරන්''

හමුදා වාර්තා අනුව කිලෝ ග්‍රෑම් 150 කර ආසන්න රන් භාණ්ඩ හමුදා භාරයට ගෙන තිබෙන බවයි අගමැතිවරයා පවසන්නේ.

'40 ට මොකක්ද වුනේ?'


'ඒවා කථානායකතුමනි ඒ ප්‍රදේශයේ ජනතාවගේ රත්‍රන්. එහෙම නැතුව අපට උතුරේ රත්‍රන් නිදි හම්බ වුනේ නැහැනේ.'

ඉහත කී රන් භාණ්ඩවලින් කිලෝ ග්‍රෑම් 32 කට ආසන්න ප්‍රමාණයක් මහ බැංකුව වෙත බාර දී තිබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.
''ඒවායේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන එකසිය තිස් එකයි අසූ හතරදහස් හත්සීය පනස් එකයි.''

දැනට අයිතිකරුවන් සොයා ගැනීමට නොහැකි රන් භාණ්ඩ කිලෝ ග්‍රෑම් 80 ක ප්‍රමාණයක් යුද හමුදාව බාරයේ තිබෙන බවත් ඔහු කියා සිටියේය.
''මම ආසන්න අගයන් කියන්නේ, එතකොට හමුදාව බාරයේ 80යි. ලබා දෙන ලද ප්‍රමාණය 30යි නම් ඔක්කොම 110 යි. හැබැයි ඔබතුමා කියනවා රත්‍රන් කිලෝ ග්‍රෑම් 150 ක් තිබුණා කියලා වාර්තා වී ඇති බව. එතකොට මම ඔබ තුමාගෙන් දැන ගන්න කැමතියි ඉතිරි රත්‍රන් කිලෝ ග්‍රෑම් 40 ට මොකක්ද වුනේ?'' ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක එහිදී ප්‍රශ්න කළේය.

එවැනි පරස්පරතාවක් තිබෙන බව පිළිගත් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට නිසි යන්ත්‍රණයක් සකසා ගත යුතු බවයි පැවසුවේ.

දැනට හමුදාව බාරයේ තිබෙන ඉහත කී රත්‍රන් ප්‍රමාණය වහා අයිතිකරුවන් අතර බෙදා දිය යුතු බවත් එහිදී අනුර කුමාර දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා අවධාරණය කළේය.'

'ඒවා කථානායකතුමනි ඒ ප්‍රදේශයේ ජනතාවගේ රත්‍රන්. එහෙම නැතුව අපට උතුරේ රත්‍රන් නිදි හම්බ වුනේ නැහැනේ.' ඔහු පැවසීය.
උතුරේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගනිමින් අදාළ රන් භාණ්ඩවල අයිතිකරුවන් සොයා ගැනීමට නිසි වැඩපිළිවලක් සකස් කරන බවයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.


Share on Google Plus