පොලිස් නිළ ඇඳුම පොලිෂ් වේ.


ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිළ ඇඳුම වෙනස් කිරීම කෙරෙහි අවධානය යොමුකර ඇති බව විෂයභාර අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි. ඔහු පවසන්නේ දශක ගණනාවක් පැරණි පොලිස් නිළ ඇඳුම වෙනුවට නවීනත්වයට ගැලපනෙ නිළ ඇඳුමක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කළ 'අභිමන්' සඟරාව එළිදැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. පසුගියදා පොලිස් මූලස්ථාන පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.

පොලිස් නිළධාරීන්ගේ නිළ ඇඳුම  සම්බන්ධයෙන් පොලිස් නිළධාරීන් බොහෝ කලක සිට මැසිවිලි නගමින් සිටී. ඔවුන්ට කලිසම් සහ කමිස සඳහා ලබාදෙන්නේ එකම රෙදි වර්ගයකි. එය ශරීරයට ඉතා අපහසු වන අතර එය කිසිසේත් සිත්ගන්නා සුළු ඇඳුමක් නොවන බවද බොහෝ පොලිස් නිළධාරීන්ගේ මතයයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ශරීරයට ඉතා සුවපහසු සහ සිත්ගන්නා සුළු නිළ ඇඳුමක් ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමුව ඇති බවයි ඇමතිවරයා පවසන්නේ. මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා සිදුකරමින් පවතින බවත් ඉතා ඉක්මනින්න පොලිස් නිළධාරීන්ට සුසුදු නිළ ඇඳුමක් හඳුන්වාදීමට කටයුතු කරන බව සාගල රත්නායක ඇමතිවරයා අවධාරණය කළේය.

Share on Google Plus