මේ පතුරවන්නේ මෛත්‍රීය නොවේ - ප්‍රසන්න රණතුංග.


පක්‍ෂ සංවිධායකකම් නැතිකිරීම පමණක්‌ නොව කුමන බාධක දැම්මත් රට වෙනුවෙන් යන අපේ ගමන වළක්‌වන්න කිසිවකුටත් බැහැ යෑයි ඒකාබද්ධ විපක්‍ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පක්‍ෂය කඩනවා කියලා අපිට චෝදනා කළාට පක්‍ෂය කඩන්නෙ කවුද කියලා ජනතාව තේරුම් ගනීවී. මේ පතුරවන්නේ මෛත්‍රීය නෙමෙයි වෛරයයි. 

මේ වගේ බොළඳ දේවල්වලින් අපේ ගමන වළක්‌වන්න බැහැ යෑයිද මන්ත්‍රීවරයා කීය.

මගේ සංවිධායකකම ඉවත්කළා කියලා මම කනගාටු වෙන්නේ නැහැ. මම යන ගමන රට වෙනුවෙන් නිසා ඒ ගමන කුමන බාධක ආවත් ඉදිරියටම යනවා. මේ ගන්න ක්‍රියාමාර්ග පක්‍ෂයට ආදරයට ගන්න ක්‍රියාමාර්ග නොවේ. මේ හදන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පරාජය කරවීමටයි. යෑයිද රණතුංග මහතා පැවසීය. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී වැඩිදුරටත් අදහස්‌ දක්‌වන බවද ඔහු කීය.

Share on Google Plus