පාඨලී හප්පපු තරුණයාට අසාධ්‍යයි - නිදහස් කලේ කොහොමද? : Update



මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමාගේ නිසාන් පෙට‍්‍රල් වර්ගයේ ජීප් රථයකට තරුණයන් දෙදෙනෙකු  ගැටී ඇති බවට Info Sri Lanka News වෙබ් අඩවියට  වාර්තා වෙනවා.

මෙම අනතුරෙන් එක් තරුණයෙකුට බරපතල ලෙස තුවාල සිදුවී ඇති අතර ඔහු මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

අනතුරට පත් රථය මේ වනවිට වැලිකඩ පොලිසියේ ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයන් දෙදෙනා වාහනයේ ගැටුනු පසුද රිය පදවා පලායන්නට උත්සාහ දරා තිබුණත් ප‍්‍රදේශවාසීන් එක්ව ලූහුබැඳ මඟ හරස්කිරීමෙන් පසු ඇමතිවරයා රියදුරාගේ වරද පිලිගෙන තිබේ.

වැඩිදුරටත් අනාවරණය වන්නේ ඇමතිවරයා පදවාගෙන ගිය රථයට වෙනත් රියදුරෙක් ඉදිරිපත් කර ඇප ලබාගෙන ඇති බව ය.

කෙසේ නමුත් මෙවැනි අනතුරකදී තුවාල වූවන් රෝහල්ගතකර ඇත්නම් ඔවුන්ගේ තත්වය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවකින් තොරව රියදුරා නිදහස් කිරීමට නීති ප්‍රතිපාදන නොමැති නමුත් නීතියට පිටින් යමින් සිදු කර ඇති මෙම ක්‍රියාවලිය යහපාලනය වන්නේ කෙසේද? 

මෙම රථය අංක 80, සිරි අර්නස්ට් ඩි සිල්වා මාවත, කොළඹ 10 ලිපිනයට, නිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කර ඇති එකක් බවද මේ වනවිට අනාවරණය වී තිබේ.

එම අමාත්‍යාංශය 2010 වසරේ අප්‍රේල් මස 30වනදා පිහිටවා ඇති අතර වර්තමානයේ එය හඳුන්වන්නේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ලෙසය. එහි වත්ම් ඇමතිවරයා චන්දිම වීරක්කොඩි මහතා වන අතර එහි නියෝජ්‍ය ඇමිතිවරිය වන්නේ අනෝමා ගමගේ මහත්මියය. එහි වත්මන් ලේකම්වරයා වන්නේ W.S. කරුණාරත්න මහතා ය.










Share on Google Plus