සන්ධානේට හූ කියන්නේ වීරවංසගේ හෙන්චයියෝ?


එක්සත් ජනතා නිදහස් සන්ධානයේ භේද බින්නවීම් නිරාකරණය කර ගැනීම සඳහා පවත්වනු ලබන රැස්වීම් කඩාකප්පල් කිරීම සඳහා කටයුතු කරමින් සිටින්නේ විමල් වීරවංසගේ හෙන්චයියන් පිරිසක් යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන‍යේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

සන්ධානයේ මහ ලේකම්වරයා ලෙස තමා ඇතුළු නායකයින් සහභාගීවන රැස්වීම්වලට කඩාවැදී හූ කියන්නේ එම කඩාකප්පල්කාරී පිරිස බවත් ඒ බව තේරුම් නොගන්නා ශ්‍රීලනිපයේ කිහිපදෙනෙක්ද ඒ ඒ තැන්වලදී එම කඩාකප්පල් කාරී ක්‍රියාවට හවුල් වී ඇති බවත් අමරවීර අමාත්‍යවරයා පවසයි.

පසුගියදා ගාල්ලේදී නිශාන්ත මුතුහෙට්ටි‍ගම හා තමා ඇතුළු පිරිසට පිරිසට 'හූ' කීමට කටයුතු කළේද විමල් වීරවංසගේ සංවිධායකවරයෙකු බවත් ඔහු අවස්ථා කිහිපයකදීම අරළිය ගහ මන්දිරයේදී දකින්නට ලැබුණ බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
ඇමතිවරයා මේ බව සඳහන් කළේ අද (29) අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් පියතුමා හමුවීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ය.

සන්ධාන මහ ලේකම්වරයා ලෙස මහින්ද අමරවීර මහතාව පිළිනොගන්නා බවට විමල් වීරවංස සහ උදය ගම්පිල කර තිබූ ප්‍රකාශ සම්බන්ධයෙන් මාධ්‍යවේදි සිදුකළ විමසීමේදී අමරවීර මහතා පවසන්නේ ඔවුන් දෙදෙනාම සන්ධානයෙන් ඡන්දය ඉල්ලුව නමුත් ඔවුන්ගේ පක්ෂ සන්ධානයේ සාමාජික පක්ෂ නොවන බව ය. 

ඔවුන් දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් නොවන බව එම සන්ධානයේ හිටපු මහ ලේකම්වරයෙකු වන සුසිල් ප්‍රේමජයන්ත මහතා ධුරයේ කටයුතු කරමින් සිටි සමයේදී ප්‍රකාශ කළේ ය.

-LT

Share on Google Plus