අගමැති ගැන නාමල්ට ප්‍රශ්න.


අගමැති රනිල් වික්‍රම සිංහ මහතාගේ එළැඹෙන චීන සංචාරයේ සංවිධාන කටයුතු සඳහා පෞද්ගලික උපදේශකයන් කුලියට යොදාගන්නේ ඇයිදැයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.එසේම එම සංචාරයේ සංවිධාන කටයුතු විදේශ කටයුතු අමාත්‍යාංශය සිදුනොකරන්නේ ඇයිදැයිද ඔහු ප්‍රශන කරයි.

සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශක් කරමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කරන අතරම රජයේ නව බදු ප්‍රතිපත්තිය පිළිබඳවද අදහස් දක්වමින් ඔහු සඳහන් කරන්නේ අප්‍රේල් මාසයේ ගෙනෙන බදු ප්‍රතිපත්තියෙන් අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලංකාවාසී බොහෝ දෙනෙකුට එය ගැටලුවක් වෙනු ඇති බවත් එහෙයින් එම ප්‍රතිපත්තිය අවුරුදු සමයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙසත් ඔහු සඳහන් කරයි.


Share on Google Plus