මෛත්‍රී ශ්‍රිලනිප නායකයින් හදිසියේ කැඳවයි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදිසි මධ්‍යම කාරක සභාව අද (02) පස්වරු 7.00 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැඳවා ඇති බව වාර්තා වේ.

මෙම කැඳවීම සිදුකර තිබෙන්නේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදී වන අතර එහිදි පක්ෂයේ විනය කඩ කරමින් කටයුතු කරන පිරිස සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය දිනවල ශ්‍රීලනිපයේ තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කරනු ලැබූ රාජපක්ෂ පිල නියෝජනය කළ කිහිප දෙනෙකුට සිය සංවිධායක තනතුරු අහිමි වූ අතර ඉදිරියේදී තවත් ප්‍රබලයින් පිරිසකට එම පක්ෂයේ තනතුරු අහිමිවන ඇති බව පැවසේ.

Powered by Blogger.