මහින්ද අපේ ඇඟේ එල්ලිලා ඉන්නේ - වාසු.


පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ තමන් ඇතුළු වාමාංශක කණ්ඩායමේ එල්ලී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සති අන්ත ජාතික පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ. වැඩිදුරටත් ඔහු පවසන්නේ  මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමටත් පෙර සිට තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවය.

එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක් මෙසේය..

වාසුදේවලා දැන් කාලයක් තිස්සේ රාජපක්ෂගේ ඇඟේ එල්ලිලා ඉන්නේ. බිමට බහින්න අදහසක් නැද්ද?
අපි මහින්ද රාජපක්ෂගේ ඇඟේ එල්ලිලා නෙවෙයි ඉන්නේ. මහින්ද රාජපක්ෂ අපේ ඇඟේ එල්ලිලා ඉන්නේ.

ඇත්තටම එහෙමද?
ඇත්තටම එහෙම තමයි. අපි නැත්නම් මහින්ද රාජපක්ෂ කෙනෙක් ඉන්නවයි. අපි මන්ත්‍රීවරු වෙලා ඉන්නේ මහින්දටත් කලින්.

මහින්ද වාසුදේවලාගේ ඇඟේ එල්ලිලා ඉන්නවා නම් ඇයි එයා බලයට උස්සන්න හදන්නේ?
අපේ ඇඟේ එල්ලිලා ඉන්නවා කිවුවට ඇත්තටම මහින්ද ඉන්නේ අපේ කර පිට. ඇඟේ එල්ලිලා ඉන්නවා කියන වචනය එච්චර හොඳ මදි. යූ.ඇන්.පී. - මෛත්‍රී හවුලට එක් නොවුණු ශ්‍රීලනිප බලඇණියේ සහ වාමාංශික අපේ කර මත තමයි මහින්ද ඉන්නේ.

Share on Google Plus