මහින්ද හයිඩ් පිටියට එයි.


ඒකාබද්ධ විපක්ෂය මගින් සංවිධාන කරන "ජන සටන" විරෝධතා රැලිය මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ, කොළඹ හයිඞ් පිටියේදී ය.

එම රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් වන කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, පවිත්‍රා වන්නිආරච්චි, ටී බී රත්නායක, ජී ඇල් පීරිස්, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, ගාමිණී ලොකුගේ , රෝහිත අබේගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල සහ එස්.එම්.චන්ද්‍රසේන ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියි.

කෙසේ නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීන් අදාල රැලියට සහභාගී වුවහොත් විනය ක්‍රියාමාර්ග ගන්නා බව පක්ෂ මහ ලේකම් ලිඛිතව දන්වා තිබිණි.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල ද මේ රැලියට එක්ව සිටියි.

සෝමවංස අමරසිංහ සහ බැසිල් රාජපක්ෂ ද මේ වන විට රැලියට එක්ව සිටියි.

එසේම, මහින්ද රාජපක්ෂ එ්කාබද්ධ විපක්ෂයේ ජන රැලිය ආරම්භ කර පැය එකහමාරකට පසු පැමිණ තිබේ.

එසේම, මේ වන විට හයිඩ් පිටිය අවට ටවුන්හෝල්, යුනියන් පෙදෙස ඇතුළු මාර්ග කිහිපයක මේවන විට රථවාහන තදබදයක් හටගෙන තිබේ.








Share on Google Plus