රාජපක්ෂලා සරෙන්ඩර් - ළඟදීම මහින්දත් දොට්ට.


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩා නව පක්ෂයක් බිහි කිරීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා සහ එම පවුලේ සාමාජිකයන් විසින් දැරූ තැත මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ ව්‍යර්ත කිරීමට මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමත්ව ඇති බව ශ‍්‍රීලනිපයේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය සතියේ දී මෙම දෙපාර්ශ්වයේ නියෝජිතයන් අතර වූ සාකච්ඡුාව වූයේ බැසිල් රාජපක්ෂ මහතාට හා නාමල් රාජපක්ෂ මහතාට ශ‍්‍රීලනිපයේ ඉහළ තනතුරු දෙකක් ලබා දී මෙම ප‍්‍රශ්නය නිරාකරණය කර ගැනීමය. එහෙත් එම යෝජනාව ජනාධිපතිවරයා විසින් දැඩිව ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එමෙන්ම පසුගිය දා පැවැති ශ‍්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී මහින්දවාදීන් ලෙස පෙනී සිටි කණ්ඩායමේ බහුතරයක් ශ‍්‍රීලනිපය දෙකඩ කිරීම සඳහා කිසිසේත්ම ඉඩ නොතබන බවට ජනාධිපතිවරයාට සහතික වී ඇත.

මේ අනුව රාජපක්ෂවරු ශ‍්‍රීලනිපය බිඳවීම වෙනුවෙන් ගෙන ගිය මෛත‍්‍රී විරෝධය මුළුමනින්ම අඩපණ වී තිබේ.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් වන දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර ද ශ‍්‍රීලනිපය දෙකඩ කර වෙනම පක්ෂයක් ගොඩනැගීමට ගන්නා උත්සාහයට එරෙහිව සිටී. එය බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ එජාපයේ නායකයා හා එක්ව කරන කුමන්ත‍්‍රණයක් බවට ද ඔවුන් චෝදනා කර ඇති බව වාර්තා වේ.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂ කාර්යාලය ලෙස පසුගිය දා බත්තරමුල්ලේ නෙළුම් මාවතේ විවෘත කරනු ලැබූ කාර්යාලය ඒකාබද්ධ විපක්ෂය වර්ජනය කර තිබේ. මෙම කාර්යාලය සඳහා මාසිකව ලක්ෂ තුනක නඩත්තු වියදමක් බැසිල් රාජපක්ෂ මහතා දරන අතර එම කාර්යාලය පරිපාලනය කරන්නේ ආචාර්ය රංජිත් බණ්ඩාර, විලී ගමගේ, අනිල් කොස්වත්ත, රේණුක පෙරේරා, චරිත හේරත්, ලක්ෂ්මන් හුළුගල්ල යන බැසිල් රාජපක්ෂ මහතාගේ සමීපතමයන් විසිනි. ඊට අමතරව මේ කාර්යාලයට පැමිණෙන්නේ එජාපයෙන් වෙන් වුණු දිනේෂ් දොඩංගොඩ මහතා පමණි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ද මේ වන විට ශ‍්‍රීලනිපය රැකගත යුතු බවට කරන ප‍්‍රකාශ හරහා තම පරාජය භාරගෙන ඇති බව පැහැදිලිව පෙන්නුම් කරන බව දේශපාලන විචාරකයෝ සඳහන් කරති.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමේ අරමුණින් යුතුව තවදුරටත් ඒ සඳහා අනුබල දුනහොත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට පක්ෂයේ නව නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම, ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් සහ පක්‍ෂ විනය කඩ කරමින් දිගින් දිගටම පක්‍ෂය දෙකඩ කිරීමට කුමන්ත්‍රණය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් සහ පක්‍ෂ විනය කඩ කරමින් දිගින් දිගටම පක්‍ෂය දෙකඩ කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින පක්‍ෂයේ ප්‍රබලයන් රැසක්‌ම ළඟදීම පක්‍ෂයෙන් සහ දැනට ඔවුන් දරන තනතුරුවලින් නෙරපා හැරීමට ද ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

මේ සම්බන්ධයෙන් කල විමසීමකදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා කියා සිටියේ, පක්‍ෂයට ද්‍රෝහිකම් කරන පුද්ගලයන් තවදුරටත් පක්‍ෂය තුළ තබා ගැනීම පිළිබඳව පාක්‌ෂිකයන්ගෙන්ම දැන් දැඩි විරෝධයක් එල්ල වන්නට පටන් ගෙන තිබෙන බවයි.

එම නිසා පක්‍ෂයේ තනතුරු දරමින් මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පවත්වමින් පාක්‌ෂිකයන් නොමග යෑවීමට කටයුතු කරන ආසන සංවිධායකවරුන් දිස්‌ත්‍රික්‌ නායකයන් සහ පක්‍ෂයට අයත් විවිධ සංවිධානවල තනතුරු දරන සියලුම දෙනාම අකමැත්තෙන් වුවත් ඉවත් කිරීමට සිදුවෙන බව ද ඔහු කිය.

පක්‍ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරමින් නිදහසේ කටයුතු කරන්න ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට සහ ආසන සංවිධායකවරුන්ට ලබාදුන් නිදහස සුළු පිරිසක්‌ අයුතු ලෙස භාවිත කරමින් පක්‍ෂය දෙකඩ කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බව පැවසු මහ ලේකම්වරයා, ''ඒ සඳහා අපි කිසිම ඉඩක්‌ දෙන් නැහැ. අපි සියලු කුමන්ත්‍රණ පරාජයට පත්කරනවා. පක්‍ෂය දිවි හිමියෙන් රකිනවා'' යෑයි අවධාරණය කර සිටියේය.

Share on Google Plus