මහින්දගේ ප්‍රබලයින් පහක් අත්අඩංගුවට?


රාජපක්ෂ පාලන සමයේ ආණ්ඩුවේ ප්‍රබලයින් ලෙස කටයුතු කළ වත්මන් පාර්ලිමේන්තුවේද මහින්ද පිල නියෝජනය කරනු ලබන දේශපාලඥයින් පස් දෙනෙකු ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි. 

මෙම දේශපාලඥයින් රාජපක්ෂ පාලන සමයේ සිදු කළ බරපතල වංචා, දූෂණ, අක්‍රමිකතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ අවසන් කර ඇති අතර රාජපක්ෂ ආණ්ඩුවේ සිටි දේශපාලනඥයින් 31 දෙනෙකු සම්බන්ධයෙන් මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණවල අවසන් කොට ඉදිරි නීතිමය කටයුතු සඳහා එම වාර්තා නීතිපතිගේ අවසන් උපදෙස් සඳහා යවා ඇති බව පැවසේ.

අදාළ දේශපාලඥයින් සිදු කර ඇති බරපතල වංචා හේතුවෙන් ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන නීතිපති උපදෙස්  ඉදිරි දින කිහිපයේදී නීතිපතිවරයාගෙන් ලැබෙනු ඇති බවත් ඉන් අනතුරුව එම දේශපාලඥයින් නුදුරේදීම අත්අඩංගුවට ගැනීම සිදුවන ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

Share on Google Plus