කරන්න බැරිනම්, මහින්ද ආයෙත් රට ඉල්ලයි.


රට කරගෙන යෑමට නොහැකිනම් තමාට රට භාරදෙන ලෙසත්, තමාට රට භාරදුනහොත් කප්පාදු කළ සියලුම සහන ජනතාව නැවත ලබාදී රට ඉදිරියට ගෙන යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (17දා) හයිට් පිටියේදී පැවැති ජන රැලියට සහභාගි වෙමින් මේ බව සඳහන් කළ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, රටට නිදහස ලබාදී තමා විසින් ඉදිරියට ගෙනගිය රට වර්තමාන ආණ්ඩුව ආපස්සට හරවා තිබෙන බවත්ය.

තමා ණය අරගෙන රට සංවර්ධනය කළ බවත්, එහෙත් වර්තමාන ආණ්ඩුව මාස 14 කට ඩොලර් මිලියන 6361 ක් ලබාගෙන බොක්කුවක්වත් සකස් කර නොමැති බවද පවසා සිටියේය.


Share on Google Plus