මහින්දගේ පව් ගෙවන්න ගිහින යහපාලනය ණය උගුලක හිරවෙලා.


රජය මුහුණ දී සිටින බව කියන ණය අර්බුදය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ මෙම ණය අර්බුදයට හේතුව තම පාලන සමයේ ලබාගත් ණය බවට වත්මන් ආණ්ඩුව කරන ප‍්‍රකාශ අසත්‍ය ඒවා බවයි. මෙම ණය අර්බුදය ඇති වී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව ලබාගත් ණය හේතුවෙන් බවද මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 

ඉකුත් 2015 වසරේ මාර්තු මාසයේ සිට මේ දක්වා කාලය තුළ වත්මන් ආණ්ඩුව ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6361ක් ද ඉක්මවන බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම ණය ප‍්‍රමාණය මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, නොරොච්චෝලේ බලාගාරය, දක්ෂිණ අධිවේගී මාර්ගය සහ කටුනායක අධිවේගී මාර්ගය යන සියලූ සංවර්ධන ව්‍යාපෘතීන්ට තම පාලන සමයේ ලබාගත් මුළු ණය ප‍්‍රමාණයට ද වඩා වැඩි බව මහින්ද රාජපක්ෂ මහතා රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. 

කෙසේ නමුත් මේ පිළිබඳව අප සමඟ අදහස් දැක්වූ ආර්ථික විශ්ලේෂකයෙක් ප්‍රකාශ කළේ රාජපක්ෂ මහතාගේ නිවේදනයේ සඳහන් වන පරිදි මත්තල ගුවන් තොටුපල වෙනුවෙන්, ඩොලර් මිලියන 190ක්, හම්බන්තොට වරාය වෙනුවෙන්, ඩොලර් මිලියන 426ක් සහ නොරොච්චෝල බලාගාරයට ඩොලර් මිලියන 1340ක මුදල් ණය වශයෙන් ලබා ගත්ත ද මෙම කිසිදු ව්‍ය්ප්රුතියකින් තවමත් රජය අධික පාඩුවක් ලබන බවයි.

එසේම රාජපක්ෂ පාලන සමයේ ව්‍යාපෘතිවල ණය වාරික ගෙවීම මෙන්ම මෙවන් අසාර්ථක ව්‍යාපෘතිවල පාඩු විද දරා ගැනීමටත් වත්මන් ආණ්ඩුවට සිදුව තිබෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එසේම රාජපක්ෂ මහතා තමන්ගේ වයප්රුතිවලින් රජය අදායම් ලබන්නේ කෙසේ ද යන්න පැහැදිලි කිරීම විනා සත්‍ය වසන් කිරීම නොවන බව ද ඔහු අවධාරණය කළේය.


Share on Google Plus