මහින්ද අලුත් පොටකට එයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත්පාලන ආයතන නියෝජිතයින්ගේ හමුවක්, හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.

ඒ, බත්තරමුල්ල - නෙලුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ කාර්යාලයේදියි. 

මෙම සාකච්ඡාව සඳහා පළාත්පාලන ආයතන නියෝජිතයින්ට අමතරව හිටපු අමාත්‍ය බැසිල්  රාජපක්ෂ ද ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව තිබෙනවා. 

මෙහිදී නව පක්ෂයක් හෝ සන්ධානයක් බිහි කිරීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.


Share on Google Plus