මහින්ද යාපා වැරදි විශ්ලේෂණයක


ඒකාබද්ධ විපක්ෂය පසුගියදා පැවැත්වූ මාධ්‍ය සාකච්චාවක දී පාර්ලිමේන්තු මන්තී‍්‍ර  මහින්ද යාපා අබේවර්ධන මහතා මහ බැංකු බැදුම්කර වෙන්දේසිය  පිළිබඳව කරන ලද පදනම් විරහිත ප්‍රකාශයක් ආර්ථික විශ්ලේෂකයන් අතර කතාබහට ලක්වී තිබෙයි.

මෙහිදී ඔහු සදහන් කර සිටියේ වර්තමානයේ පවතින ආර්ථික අර්බුදයට හේතුව මහ බැංකු 30 අවුරුදු බැදුම්කර වෙන්දේසිය බවත් මීට පෙර මහින්ද රාජපක්ෂ රජය ඊට වග නොකියයුතු බවත් ය.

කෙසේ වෙතත් ඒ පිලිබදව අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ පොලි අනුපාත වැඩිවීම හා බැදුම්කර වෙන්දේසි හරහා නිකුත් කිරීම අතර කිසිම  සම්න්දයක් නොමැති බවත් , අප වැනි රටක පොලි අනුපාතය තීරන්ය් වීමේදී  දේශීය  විදේශීය ආර්ථික හැසිරීම් රට හා ලෝක පොලි අනුපාතද බෙහෙවින් බලපාන බවත් ය.

පොලී අනුපාත 9.5 සිට  13.5 දක්වා වැඩිවී ඇති බව ඒ මහතා පැවසුවත් එවැනි දෙයක් සිදුවී නොමැති බව විශ්ලේෂකයින්ගේ මතයයි. 

පොලි අනුපාත තීරනය් කරන්නේ වෙළඳ පොළ බලවේග එනම් ඉල්ලුම සැපයුම මතය.කිසිවෙකුටත් එසේ පොලි අනුපාත වෙනස් කල නොහැක.(එනම් මෙයින් අදහස් වෙන්නේ විනිවදබාවයකින් යුතුව නිසි ආර්ථික න්යායන්ට අනුකුලව පාලනය වන තත්වයක් බවයි.)

ඉල්ලුම සැපයුම මත භාණ්ඩ හා සේවා මිල තීරණය වීම ගමේ පොලේද සිදුවන මුලික සරල ආර්ථික ක්‍රියාවලියකි.

නමුත් ගමේ පොලේ මිල කළු කඩකාරයින් හෝ කප්පම්කරුවන්අතින් තීරණය වෙන අවස්ථා නැතුවා නොවේ.නමුත් එවැනි ක්‍රියා අශිෂ්ට ක්‍රියාවන් බව අපි දනිමු.

මේ ආකාරයෙන් වැරදි උපදෙස් දෙමින් මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා නොමග යැවූ  ආර්ථික විශ්ලේෂකයින් ම සුගිය රජයේද ආර්ථිකය තම අතට ගෙන මෙලෙස  ක්‍රියා කිරීම නිසා ලංකාවේ ආර්ථිකය අද මේ තත්වයට වැටි ඇත.  

පුද්ගලික නිකුතු හරහා  පොලි අනුපාත කෘතිමව පවත්වාගෙන යමින් ණය පිට ණය ලබා ගනිමින් ලංකාව "ණය උගුළකට" ඇද දැමූ පසුගිය රජය අරම්භ කල බොහෝ ව්‍යාපෘති සුදු අලි බව නොරහසකි.

රටේ වර්තමාන තත්වයට සැබෑ හේතුව ඒ ව්‍යාපෘති නිසා වර්තමාන භාණ්ඩාගාරය ට දරන්නට සිදුවන බර මිස බැදුම්කර වෙන්දේසිය නොවන බවයි .





Share on Google Plus