ශ්‍රී ලංකාවේ සිට මාලදිවයින් ඇමතිවරුන්ගෙන් කප්පම් ගැනීමේ උත්සාහ වරදී.


මාලදිවයින් ඇමතිවරුන්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකගේ නිරුවත් වීඩියෝ තබා ගනිමින් ඔවුන්ගෙන් කප්පම් ඉල්ලූ එරට තරුණයින් දෙදෙනෙකු දෙහිවල හීල් වීදියේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ.

ෆේස් බුක් හරහා මිතුරු වූ තරුණියන් යොදාගෙන මාලදිවයින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් හා මිතුරු වී පසුව ඔවුන් සමග වෙබ් කැමරා ඉදිරියේ නිරුවත් වී එම වීඩියෝ පටිගත කර මෙලෙස කප්පම් මුදල් ඉල්ලා තිබේ. මාලදිවයින් මුදලින් රුපියල් මිලියනයක් ඉල්ලා ඇති කප්පම් කරුවන් එම මුදල් ලබා දෙන ලෙසත් නොදෙන්නේ නම් වීඩියෝ පට අන්තර්ජාලයට එක් කරන බවටත් තර්ජනය කර තිබේ.

මෙම කප්පම් ඉල්ලීම ශ්‍රී ලංකාව හරහා ක්‍රියාත්මක වන බව සොයා ගෙන ඇති එම ව්‍යාපාරිකයා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මාලදිවයින් ඇමතිවරුන් පස් දෙනෙකුගේ ඇතුළු පුද්ගලයින් රැසකගේ නිරුවත් වීඩියෝ සහිත ලැප්ටොප් පරිගණක අත්අඩංගුවට ගෙන තිබේ.

Share on Google Plus