මාලිංග විසිවෙයි.


විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා යන කණ්ඩායමට පසුගිය ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ ලසිත් මාලිංග තෝරාගෙන නොමැති අතර විස්සයි - 20 ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට ඇන්ජිලෝ මැතිව්ස් පත්කර ඇත.

ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් හිමිවූ පසුගිය ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස පත්කළද එක්සත් අරාබි එමීර් රාජ්‍ය පිල සමඟ පැවැති පළමු තරගයේදී මාලිංගගේ පාදයේ ආබාධය නැවත ඉස්මතු වීම හේතුවෙන් ඔහුට එම තරගාවලිය පුරාම ප්‍රේක්ෂකයකු ලෙස කටයුතු කිරීමට සිදුවිය. ඒ අනුව මාලිංගගේ පාදයේ ආබාධය පිළිබඳ නිසි තක්සේරුවක් ලබාගැනීමේ අරමුණෙන් ඔහු ඊයේ දිනයේදී එම්.ආර්.අයි. ස්කෑන් පරීක්ෂණයකට භාජන කිරීමට නියමිත වූ බවද වාර්තා විය.

කෙසේ වෙතත් ඉන්දියාවේදී පැවැත්වෙන එළැඹෙන විස්සයි - 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ද වේග පන්දු යවන මාලිංගට ක්‍රීඩා කිරීමේ ඉඩකඩ ඉතා අල්ප බැවින් මෙසේ එම කණ්ඩායමෙන්ද ඉවත් කළ බව දැනගන්නට ඇත. 

Share on Google Plus