මහින්දට බද්දේගම දී හූ කියලා.


බද්දේගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බල මණ්ඩල රැස්වීම  බද්දේගම නගර ශාලාවේදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) පැවැති අතර ඇමැතිවරයාට දේශනයට ආරාධනා කිරීමත් සමග සභාවේ ඇතිවූ නොසන්සුන් වීම හේතුවෙන් රැස්වීම අතරමග නවතා දැමීමට රැස්වීම සංවිධානය කල නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා කටයුතු කරණ ලදී. මහලේකම්වරයාව ආරක්ෂිත දොරටුවකින් ශාලාවෙන් පිටතට රැගෙනගිය ඔහුගේ ආරක්ෂකයින් ඔහුව රථයට නංවාගෙන ගිය අතර රථය නික්ම යනතුරුත් හූ හඩ නගමින් විරෝධය පලකරන ලදී.

අමාත්‍ය මහින්ද අමරවීර සභාවෙන් නික්ම ගිය පසු එක්සත් ජනතා නිදහස් සංධානයේ හිටපු මහලේකම් මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාද සභාව ඇමතීමට උත්සහකලත් ඔහුටද එල්ල වූ විරෝධය හමුවේ සභාව ඇමතීම නැවත්වීමට සිදුවිය.

කෙසේනමුත් මෙම එල්ල වූ විරෝධය සම්බන්දයෙන්  කල විමසුමකදී එක්සත් ජනතා නිදහස් සංධානයේ මහ ලේකම්  අමාත්‍ය  මහින්ද අමරවීර ‘බද්දෙගම දී සැලසුම් සහගතව අර හොර පොල් සිද්ධියට සම්බන්ධ වෙච්ච සභාපතිවරයාත්  ඒ වගේම තවත් සභාපතිවරයෙකුත් බීමත්ව කණ්ඩායමක් සමග පැමිණියා. ඒ අය නිශාන්ත මුතුහෙට්ටිගම ආසන සංවිධායකවරයා කථාකරන වෙලාවෙ ඉඳලම ඝෝෂා කරන්න පටන්ගත්තා. මට කියලා විශේෂත්වයක් තිබුණෙ නෑත මම කථා කළෙත් නෑ. මට තේරුණා බීපු අය ඉන්න තැනකදී දේශපාලන කථාව තේරුමක් නැති බව. මට විරෝධතාවය එල්ල කරන්න මම ගාල්ලෙන් ඡන්දෙ ඉල්ලලා තියෙනවද මම වැරැද්දක් කරලා තියෙනවද? ඒ අය කිවුවේ කෙලින්ම වෙනම පක්ෂයක් හදන්න ඕන කියලා.’’

‘‘ඒ අයට ඕන වෙනම පක්ෂයක් හදන්න. මම සමගි කරන්න යන ගමනට විරුද්ධ කට්ටිය තමයි ක්රි යාත්මක වෙන්නෙ.අපිට ආරංචි තියෙනවා කීප තැනකින් දුරකථන ඇමතුම් දීලා මේ වගේ උද්ඝෝෂණ කරන්න කියලා. මම අද උදේ මාතර ගියා කිසිම ගැටළුවක් නෑ. හිනිදුම ගියා කිසිදු ගැටළුවක් නෑ. හබරාදුවෙ ගියා කිසිම ප්රඅශ්නයක් ඇති වුණේ නෑ. පක්ෂය කඩන්න කට්ටියක් ඉන්නවා .ඒ අයගේ උවමනාවන් ක්රි.යාත්මක කරන්න අපි කටයුතු කරන්නෙ නෑ. බහුතරය ඉන්නෙ එක්සත් ජනතා නිදහස් සංධානෙ. කඩන්නෙ නැතිව එකතු වෙලා මැතිවරණෙකට යන්න ඕනෙ .’’

‘‘අපේ පක්ෂය බරපතලම අර්බුදයකට ලක් වෙච්ච වෙලාවක් මේක. අපි මැතිවරණ දෙකක් පරාදයි නේ. ජනාධිපතිවරණෙ පරාදයි. මහ මැතිවරණෙ පරාදයි. ඒ වෙලාවට පක්ෂෙ කැඩෙනවා. එහෙම කඩන්න උවමනා කට්ටිය ඉන්නවා. එතන හිටපු එක් අයෙක් මම අග්රා.මාත්යෙ කාර්යාලේ රැස්වීමට යනකොට එතන හිටියා. ඔහු අපේ මන්ත්රීවවරයෙක් හෝ සභාපතිවරයෙක්. එතකොට අපිට පැහැදිලියි මොකද්ද වෙන්න යන්නෙ කියන එක.’’

- රාහුල්  සමන්ත හෙට්ටි ආරච්චි - හම්බන්තොට  -

Share on Google Plus