ජානක පෙරේරා ඝාතන සැකකරු හඳුනාගනී.


මේජර් ජනරාල් ජානක පෙරේරා ඝාතනයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකරු ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයට සහභාගි වී සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් නරඹා හඳුනාගැනීමට අනුරාධපුර විශේෂ මහාධිකරණයේදි රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක චානක ද සිල්වා මහතා අද (29) සමත් විය.

මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය ඉදිරියේ අද  නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගනු ලැබීය.

මාධ්‍යවේදී රස්මි මහරුෆ්ගේ වීඩියෝ කැමරාවේ පටිගතව ඇති බෝම්බය පුපුරා ගිය  අයුරු දැක්වනෙ  වීඩියෝ දර්ශන අද  අනුරාධපුර විශේෂ මහාධිකරණයේ  ප‍්‍රදර්ශනය කරන ලෙස විනිසුරුවරිය රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක මෙරිල් රංජන් ළමාහේවා මහතාට මීට පෙර  නියෝග කැර තිබිණි.

මේජර් ජනරාල් ජානක පෙරේරා මහතාට ඉදිරියේ හිටගෙන සිටින පිරිස අතරේ නිල් කොටු සහිත අත් කොට කමිසයකින් සැරසී අත් දෙක  බැඳගෙන සිටින මරාගෙන මැරෙන බෝම්බකරු රහස් පොලිසිය හඳුනාගත්තේය.

මෙම අපරාධය සිදු කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් දෙවැනි විත්තිකාර කොටි සංවිධානයේ හිටපු කර්නල්වරයෙකු වන සම්මුගනාදන් සුදාහරන්ට අනුරාධපුර මහාධිකරණය මීට පෙර හතලිස්  වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කළ අතර පළමු විත්තිකාර උමාර් හබ්තාබ්ට එරෙහිව  නඩුව තවදුරටත් විභාගවේ.

Share on Google Plus