හිරුණිකා ගණන්කාරියක් වූ හැටි.


පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ෆේස්බුක් ගිනුමට විශාඛාවේ සේපාලි ගුරුවරියට පිහිටවන්නැයි කරන ලද ආයාචනයට ඇය එක්කළ මතකාවර්ජනයට මේවන විට විශාල ප්‍රතිචාර ලැබී තිබේ.

තමා කොළඹ විශාඛාවේ අකුරු කරන සමයේ තමාට ගණන් ඉගැන්නුවේ සේපාලි නම් ගුරු මාතාවක් බවත්, තමා අදක්ෂම විශය වූයේද ගණන් බවත්, නැත්නම් තමා ගණන්කාරියක් නොවන බවත් හිරුණිකා කියා සිටින්නීය.

කෙසේවුවද ඈ ගණන්කාරියක් වූයේ කෙසේ දැයි ඇය සිය සටහන මගින් හෙළිකර ඇත්තේ මෙසේය.

අපට කුඩා කල අකුරු කියා දුන්, හරි වැරැද්ද කියා දුන් , හොඳ නරක කියා දුන් ගුරු මෑණිවරුන්ට, ගුරු පියවරුන්ට තම ජීවිත කාලයේ ලබා ගත හැකි එකම සතුට තමන්ගෙන් ඉගෙනුම ලැබූ ද‍රුවෙක් සමාජයේ යහපත් ස්ථානයක සිටිනවා දැකීමයි . මේ ඉන්නේ සේපාලි මිස්, මට 10,11 පන්ති වල ගණන් ඉගැන්නුවෙ මිස්. මං තම‍යි හැම වාර පරීක්ෂණයකම ගණන් වලට ලකුණු අඩුවෙන්ම ගත්තෙ. ඔලෙවල් වලට කලින් තියෙන අවසාන වාර පරීක්ෂණයේ මට ගණන් වලට තිබුණේ ලකුණු 15 යි. එදා මිස් මාව පන්තියේ ලමයි ඔක්කොම ඉස්සරහ නැගිට්ටවලා කිව්වා ' හිරුනිකා, මගෙ ගුරු ජීවිතේ කවදාවත් කිසිම ලමයෙක් කවදාවත් ෆේල් වෙලා නෑ. හැබැයි මේ යන විදියට ඔයා ෆේල් වෙයි, ඒ නිසා මට ලැජ්ජ නොකර චුට්ටක් මහන්සි වෙලා ඔයා මට s එකක් අරන් දෙන්න' කියලා
පන්තියේ හැමෝම ඉස්සරහ වෙච්ච ලැජ්ජාවට මට මිස් එකක් ආවෙ ලොකු ත‍රහක්. මම ගෙද‍ර ගිහින් මිස් එක්ක තිබ්බ ත‍රහටත් එක්ක අවසාන මාස තුන ගොඩාක් මහන්සි උනා. මට අවසානයේ A 4, B 4 ලැබුනා ඔලෙවල් විභාගයට. ගණන් වලට B එකක් තිබුනා. Results ආපු දවසේ ඉස්කෝලෙ ගියාම මං දැක්කා ඈත මිස් ඉන්නවා. මට මිස් ලඟට ගිහින් කියන්න ඕන වුනා ' මිස් මං චුට්ටක් මහන්සි වෙලා B එකක් ගත්තා, මිස් මට කිව්වෙ S එකක් ගන්න කියලනේ' කියලා. මොකද මං ඒ කාලේ මිස් එක්ක ලොකු ත‍රහකින් හිටියේ. ඒත් මං ඈත එනවා දැකලා මිස් මං ලඟට දුවගෙන ඇවිත් මාව බදා ගත්තා. මිස්ගෙ ඇස් වල කඳුළු. මට මිස් එක්ක ත‍රහ නැතිවෙලා ඇතිවුනේ මිස් ගැන පුදුම ආද‍රයක්. මට එදා තම‍යි තේරුනේ අපට උගන්වන ගුරුවරයෝ අපට ත‍රවටු කරන්නේ අපි එක්ක කිසිම ත‍රහකින් නෙවෙයි. අපිව යහපත් තැනකට ගේන්න. අද සේපාලි මිස් වගේම, අපට උගන්නපු මිස්ලා, සර්ලා මොන ත‍රම් තමුන්ගෙන් ඉගෙන ගත්ත ද‍රුවො අද සමාජයේ ඉන්න තැන බලලා සතුටු වෙනවා ඇද්ද. මගේ ජීවිතේ ලැබිච්ච වටිනාම අවස්ථාවක් තමයි, අගමැතිවරයා ඉදිරිපිට සේපාලි මිස්ගෙ සේවය අගය කරන්න ලැබුණු එක. ලක්ෂ ගණනක් දරුවන්ගේ ඇස් පාදපු මිස් අද ගොඩාක් අසරණ වෙලා. පිලිකා රෝගයෙන් මිදුනත් තවමත් විශාල බෙහෙත් ප්‍රමාණයක් ගන්න තියෙනවා. මාගේ ආද‍රනීය විසාකාවනි, අපි ඔක්කොම එකතු වෙලා මිස්ට පුලුවන් උදව්වක් කරමු. 0714434407 සේපාලි මිස්ගෙ දුරකථන අංකය. ස්තූති. 

හිරුනිකා

Share on Google Plus