ගෝඨා අධිකරණයට


හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපකෂ මහතාට  මැයි මස 03දා කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන්ගේ නඩු විමසීම සඳහා පත් කොට ඇති විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ මහාධිකරණය කොමසාරිස් අයිරාංගනී පෙරේරා මහත්මිය සිතාසි නිකුත් කළාය.

ගෝඨාභය රාජපකෂ  මහතා මරා දැමීම සඳහා කොළඹ පිත්තල හන්දියේදී මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමට කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන්ට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් කොටි ත‍්‍රස්ත‍්‍රවාදීන් පස් දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් සාක්කි ලබා දීම සඳහා හිටපු ආරකෂක ලේකම්වරයා අධිකරණයට කැඳවනු ලැබ ඇත.



Powered by Blogger.