කපුකමේ යන සුන්දරිය. (Gossip)


මැතිසබේ බුලත් කොළ පාටියෙන් උඩරට පළාත නියෝජනය කරන හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා.

උන්නැහේ කලකට පෙර අලිපාටියේ ඉඳල මාරැවෙච්ච පොරක්.. දැන් බුලත් කොළේ බලේ හීනවෙලා හින්දා මුන්නැහෙ අලිපාටියට කරණමක් ගන්න දෙතුන් පාරක් ට්‍රයි කළා.. ඒත් වැඩේ හරිගියේම නැහැ...

වැඩේ හරි නොගියයි කියල මුන්නැහේ තමන්ගෙ උත්සාහය අත්ඇරියෙත් නැහැ.. මේ පාර පක්‍ෂ මාරැවට පාර කපන්න එයා කපුවෙක් තෝරගෙනලු... කපුවෙක් කිව්වට ඇත්තටම කපු ළඳක්.. මේ ළඳ සිනමාවෙ.. ටෙලිනාට්‍යවල එහෙම ඉන්න සුරෑපි නිළියක් කියලයි ආරංචි...

අපේ දේශපාලුතුමා ඇමැති කාලෙ උන්නැහේට බොහෝම ලොකු ලොකු වැඩ කළ ළඳක්ලු. කොහොමහරි දැන් මේ නිළිය තමන්ගෙ කපුකම කරගන්න අලි පාටියෙ ලොක්කො පස්සෙ යන්න පටන් අරන්ලු. ඒත් අනේ එයා කොපමණ ට්‍රයි කළත් තාම අලි පාටියෙ ඉහළින් මේ වැඩේට “ග්‍රීන් ලයිට්"  වැටිල නැති එක ගැන මේ සුරෑපිනිය ටිකක් දුකෙන්ලු ඉන්නෙ...

Share on Google Plus