නාමල්ගේ මිතුරිය ගැන FCID අවධානය.


රාජපක්ෂ පාලන සමයේදී ජනාධිපති කාර්යාලයට අනුයුක්ත කළ ගුවන් සේවිකාවකට රුපියල් ලක්ෂ 15 ක දීමනාවක් ලබාදීම සම්බන්ධව පරීක්ෂ කටයුතු පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට (FCID) පැවරීමට සූදානම් වන බව අනාවරණය වේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ හිතවත්කම හා අනුදැනුම මත මෙම ගුවන් සේවිකාව ජනාධිපති කාර්යාලයට අනුයක්තර කර තිබිණි. මෙවැනි මුදලක් පියාසර ගුවන් සේවිකාවකට පමණක් හිමිකම් කිවහැකි වන අතර මෙම තැනැත්තියට රුපියල් ලක්ෂ 15 ක දීමනාවක් ගෙවා ඇත්තේ එම නියමය බිඳ දමමිනි.

ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් සිදුකළ පරීක්ෂණයේදී මෙම කරුණු අනාවරණය වී තිබේ. 

නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාගේ අවශ්‍යතාවය අනුව එවකට ජනාධිපති ලේකම් වූ ලලිත් වීරතුංග මහතා විසින් මෙම ගුවන් සේවිකාවට රුපියල් ලක්ෂ 15 ක දීමනාවක් ගෙවිය යුතු බව ලිඛිතව දන්වා තිබේ. 

මෙම ගුවන් සේවිකාව හා නාමල් රාජපක්ෂ මහතා අතර පැවති සමීප හිතවත්කම මත ඇය ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්තව මෙවැනි වැටුපක් ලැබීමේ අවස්ථාව හිමි වී තිබේ. ඒ අනුව ඇයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වසර 03 ක කාලයක් මෙම දීමනාව හිමිව තිබේ.

පැවති රජය බිඳවැටීමත් සමග ඇය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කොට නැවත ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අනුයුක්ත කර ඇති අතර ඇය මේ වනවිට ගුවන් සේවිකා සුපර්වයිසර්වරියක ලෙස සේවය කරයි.

Share on Google Plus