ECTA පරිඝනක ක්ෂේත්‍රයට කෙසේ බලපායි ද ?


ලෝකයේ බොහෝ රටවල් තම අසල්වැසි මෙන්ම අනිකුත් රටවල් සමඟ වෙළඳ හා තාක්ෂනික් ගිවිසුම් ඇතිකරගන සිටි. එමඟින් අන්‍යෝන්‍යව දෙපාර්ශවයම ලාභ ලබයි. සැම ගිවිසුමකම හොඳ මෙන්ම නරක පැති ද තිබිය හැකි අතර නරක අවම කර හොඳ ප්‍රතිපල ලබාගැනීම රජයේත් ජනතාවගේත් යුතුකමයි.

දැනට ඇමරිකාවේ විශාලතම පරිඝනක මෘදුකාංග සමාගම් බොහොමයකම සේවය කරනුයේ ඉන්දියානු පරිඝනක ශිල්පීන් ය. එය රහසක් නොවේ.  එමගින් කියනුයේ ඇමරිකානු පුරවැසියන්ට මෘදුකාංග නිපදවීමේ හැකියාව නැත කියා නොව. ඔවුන්ගේ රැකියා නැතිවී ඇති බවක් ද නොව. විශාල පරිමාන ව්‍යාපෘති සඳහා මානව සම්පත් කළමනාකරණයේ දී මෙවන් තීරණ අත්‍යාවශ්‍ය වේ. වසර 200 ක ඉතිහාසයක් ඇති ඇමරිකාව අද ලොව ප්‍රමුඛ රාජ්‍යයක් වුයේ මෙවන් තීන්දු තීරණ ඔවුන් මුලින් ගත් නිසාය.

අද කුඩා සිංගප්පුරුව විශාල මලයාසියා සමඟ ඇති කරගත් අන්‍යෝන්‍ය තාක්ෂණික සහ සේවා ගිවිසුම් මඟින් මුලු ලොවටම සේවා සපයන ආසියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් වී ඇත.

ECTA  නොමැතිව වුවද අද ඉන්දියනුවෙකුට ලංකාවේ රැකියා කිරීමේ හැකියාව ඇත. අද ලංකාවේ බොහෝ පෞද්ගලික රෝහල්වල විකිරණ ශිල්පීන් ඉන්දියනුවන්ය. උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හී ගොයම් කැපීමට කම්කරුවන් එන්නේ ද ඉන්දියාවෙන් බව සමහරුන් පවසයි.

මෙම ECTA ගිවිසුමේ ප්‍රමුඛ අරමුණ වනුයේ ලංකාවේ සිට ඉන්දියාවට සේවා  සැපයීමේදී ඒ සඳහා ඉන්දියානු බදු අයනොකිරීමයි. එමඟින් අතිවිශාල ඉන්දියානු වෙළඳපොල වෙත ශ්‍රී ලාංකීය සේවාවන් සැපයිමට හැකි වනු ඇත.  මෙහිදී වඩාත් වැදගත් වනුයේ බොහෝ බටහිර සමාගම් ඉන්දියාව ඉලක්ක කරගනිමින් ශ්‍රීලංකාවේ තම කලාපිය කාර්යාල ඇතිකිරීමට ඈති කැමැත්තයි. මක්නිසාදයත් ඉන්දියාවේ පවතිනවාට වඩා යහපත් සමාජ මට්ටමක් ශ්‍රී ලංකාවේ පැවතීමයි.     

දැනට මතභේදයට ලක්ව ඇති  ECTA  ගිවිසුම අත්සන් කිරීම තුලින් ශ්‍රී ලංකාවේ පරිඝනක ක්ෂේත්‍රට බලපෑම් එල්ල වනු ඇතැයි බොහෝ අය මත පළකරති, එය බොහෝවිට කරුණු නොදැන දුපත් මානසිකත්වයෙන් ප්‍රශ්නය දිහා බලා කරනු ලබන ප්‍රකාශයන්ය. මෙම ගිවිසුම හරහා පාලනයකින් තොරව පැමිණෙන ඉන්දියානුවන් පාලනය වන අතර විශිෂ්ටයන් සඳහාම දොර විවුර්ත වනු ඇත.  ඉන්දියානුවකුගේ සේවය ලබාගැනීමට පෙර එම ආයතන ඒ සඳහා අවසර ගතයුතු අතර ගිවිසුම අවසානයේ ඔවුන් පිටත් කිරීමේ වගකීම ද එම ආයතනයට එමඟින් පැවරෙනු ඇත.

මෙහිදී සුළු රැකියා සඳහා එන ඉන්දියානුවන් හට මෙරට ආයතන රැකියා අවස්ථා සඳහා රජයෙන් අවසර ඉල්ලුම් නොකරනු ඇත.  එසේ වූ විට දැනට නීති විරෝධීව පැමිණෙන ඉන්දියානුවන් පාලනය වනු  ඇත.

ECTA  සඳහා විරෝධය දක්වන පිරිසගේ තවත් එක් භීතිකාවක් වනුයේ මෙහි පැමිණෙන ඉන්දියානු තරුණයන් ශ්‍රී ලංකික තරුණියන් හා විවාහ වී ලංකාවේම පදිංචි වීමේ අවදානමයි. දැනට ලංකාවේ ඇති නීතියට අනුව විදේශිකයකු සඳහා ශ්‍රී ලාංකීය පුරවැසි භාවය දීමේ පරම අයිතිය ඇත්තේ ශ්‍රී ලංකාවටය. එවන් පසුබිමක් තුල එය අයහපත් ලෙස සිදු වේනම්, පාලනය කිරීමේ හැකියාව ලක් රජයට පවතී.

මෙම ගිවිසුමෙන් දෙපාර්ශවයටම ලාභ මෙන්ම අලාභ සිදුවිය හැක. මෙමඟින් ඉන්දියාවට සිදුවිය හැකි අලාභය නම් දැනට ඉන්දියාවේ ස්තානගත්වී ඇති විශාල විදේශීය ආයතන ලංකාවට මාරු වීමේ ප්‍රවනතාවක් ඇති විමයි. තව ද ඉදිරියේ දී ඉන්දියාවට ඒමට ඇති එවන් ආයතන ලංකාවේ ස්ථානගත වීමට බොහෝදුරට ඉඩ ඇති වීමයි. තව ද ලංකාවේ සිට සපයන සේවාවන් සඳහා බදු ආදායම නොලැබෙනු ඇත. ඔවුන්ට ඇති වාසිය නම් ලංකාවේ නිත්‍යානුකුලව ඉන්දියානු පුරවසින්හට රැකියා කිරීමේ අවස්ථාව උද වීමයි.

සිංගප්පුරුව පරයා ආසියාවේ කේන්ද්‍රස්ථානය වීමට සිහින මවන ශ්‍රී ලංකාවේ, ඒ සඳහා වන මුලික පියවර ECTA ගිවිසුම වනු ඇත. ඒ සඳහා සහයෝගය දීම සංවර්ධනය වූ ශ්‍රී ලංකාවක් දකින ඔබ සැමගේ යුතුකම වනු ඇත.

ඔබ හදවතින්ම ECTA ගිවිසුමට එකඟ නම්; 

මෙම මාර්තු මස 15වන අඟහරුවාදා සවස 2ට හයිඩ් පිටියට පැමිණෙන්න 

Share on Google Plus