අවුරුදු මාරයි- කාලා හමාරයි.


ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දවසේ පමණක් රුපියල් 2.10 කින් අවප්‍රමාණය වී ඇති බව ලංකා බැංකුවේ විදේශ මූල්‍ය අංශය පෙන්වා දේ. 

පසුගිය සිකුරාදා (25) ඇමරිකානු ඩොලරය රුපියල් 145.60 කට මිල නියම වූ අතර එය සති අන්තයට පසු අද (28) දිනයේදී 147.70 දක්වා වාර්තා ගත ආකාරයට මිල ඉහල ගොස් තිබේ.

මූල්‍ය වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ ඇමරිකානු ඩොලරය මෙම සතියේදී රුපියල් 150 ඉක්මවා යනු ඇති බවයි. මෙම අව ප්‍රමාණය කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත සිදු වන්නක් යැයි ඔව්හු පවසති.

Share on Google Plus