සංවිධායකයන් ඉවත් කරනවා - ශ්‍රීලනිප මහ ලේකම්.


ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කිරීම සඳහා දැනට සිsටින දුර්වල ආසන සංවිධායකයන් සියලුම දෙනා සහ පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු නොකරන වංචා දූෂණ චෝදනා එල්ල වී ඇති සියලුම දෙනා එම තනතුරුවලින් ඉවත් කර අලුතෙන් ආසන සංවිධායකවරුන් පත්කරන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා ඊයේ (29 දා) පැවසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත නව ආසන සංවිධායකයන් පත්කිරීම ඊයේ ආරම්භ කළා. ඉදිරියේදී තවත් කොට්‌ඨාස රැසකට නව ආසන සංවිධායකයන් පත්කරනවා.

ඒ අනුව දූෂණ චෝදනා එල්ල වී ඇති ආසන සංවිධායකයන් රැසකටම ඉදිරියේදී සංවිධායක තනතුරු අහිමි වීමට ඉඩ තිබෙනවා.

Share on Google Plus