තාජුඩීන් ඝාතනයේ දර්ශන කැනඩාවට




රග්බි ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ සීසීටීවී දර්ශන කැනඩාවේ පිහිටි බි‍්‍රටිෂ් කොලොම්බියා ආයතනය වෙත යොමු කිරීමට හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

අපහැදිලි තත්වයේ ඇති බවට පැවසෙන මෙම දර්ශන පිළිබඳව වාර්තාවක් ලබාගැනීමට අදාළ ආයතනය සමග සෘජුව සම්බන්ධ වී කටයුතු කළ හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

අන්තර්ජාතික පොලිසිය හරහා කළ ඉල්ලීමක ප‍්‍රතිඵලයක් මත මෙම අවස්ථාව හිමිවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.

මීට පෙර අවස්ථාවකදී කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශය වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී තිබුණේ අදාළ සීසීටීවී දර්ශන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විදේශීය තාක්ෂණික සහය ලබාගැනීමට සිදුවන බවයි. 


Powered by Blogger.