ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයකට කඩා පැන්න Royal සිසුන් පිරිසට වෙච්ච දෙයක්.


බිග් මැච් හැට් කලෙක්ෂන් දාන්න
මියුසියස් බිෂොප් බාලිකා පාසල් සොයාගිය
රාජකීයයන් අත්අඩංගුවට

මේ දිනවල පැවැත්වෙන අන්තර් පාසල් මහා ක‍්‍රිකට් තරගාවලී හේතුවෙන් කොළඹ ප‍්‍රධාන පෙළේ බාලිකා පාසල් වලට බේරුමක් නැතිව ගොස් තිබෙන බව ඊයේ වාර්තා වූ සිදුවීම් කිහිපයකින් ඒත්තු ගියා.

එක් සිදුවීමක් වාර්තා වූයේ කොළඹ බිෂොප් බාලිකා විද්‍යාලය තුළයි. කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම පාසලට දහවල් කාලයේ අනවසරයෙන් කඩාවැදී බාලිකාවන් සිටින පන්ති කාමරවලට ගොස් මුදල් එකතු කරන්නට වූ අතර මෙම සිද්ධිය පොලිසියට සැලකිරීමෙන් පසු පොලිසිය පාසල වෙත එද්දී සිසුන් පළායන්නට උත්සාහ කළත් පොලිසිය ඔවුන් පසුපස ගොස් සිසුන් 14 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.ඔවුන් පැමිණි වාහනද පොලිසියට හුසුවුණා.

ඔවුන් ඊයේම කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේ දෙමාපිය ඇප මත 5 දෙටනකු මුදාහරින්නටත් ඉතිරි 9 දෙනා මාකොළ රැුඳවුම් නිවාසයේ ලබන 17 වනදා තෙක් රඳවා තබන්නටත් මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.

කොල්ලූපිටිය පොලිසිය මෙම සිසුන්ගේ විස්තර රාජකීය විදුහල්පතිවරයා වෙත වාර්තා කළ අතර සිසුන් වැඩිදෙනෙකු නීතීඥයින්,පොලිස් නිලධාරීන් හා ආරක්ෂක අංශ දෙමාපිය දරුවන්වීම විශේෂයක් විය.

මේ අතර දෙවන සිදුවීම වාර්තා වූයේ කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලය ආසන්නයේය. 20 දෙනෙකුට අධික රාජකීය සිසු පිරිසක් දහවල් කාලයේ මියුසියස් විද්‍යාලයේ බාලිකාවන් වෙත ගොස් එහි කලබල කරද්දී පොලිසිය වැටලීම් සිදු කළ අතර සිසුන් පිරිසක් අත්අඩංගුවට පත්වුණා. 

මේ සිද්ධියට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ පුතෙකු හා ඇමතිවරයෙකුගේ පුතෙකුද දායකවූ බව වාර්තා වෙන අතර නිල නොවන ආරංචි හෙළි කළේ උසස් පොලිස් නිලධාරියෙකුගේ මැදිහත්වීම නිසා පෙරකී ප‍්‍රභූන් දෙදෙනාගේ පුත‍්‍රයන් පොලිස් අත්අඩංගුවෙන් ගිලිහ යන්නට හැකියාව ලැබුණ බවයි.

බිග්මැච් සිසුන් නිර්මාණය කර තිබෙන මෙම කලබලකාරී වාතාවරණය නිසා කොළඹ බාලිකා පාසල් රැුසක් පොලිසිය අමතා ආරක්ෂාව ඉල්ලා තිබෙන බවත් ඒ අනුව මේ දිනවලට පමණක් විශේෂ ආරකෂාවක් ලබාදී ඇති බවත් වාර්තා වුණා.

මේ අතර කොළඹ ප‍්‍රසිද්ධ පාසල් දෙකක මහා කි‍්‍රකට් තරගය වෙනුවෙන් පැවති රථ පෙළපාලියක ගමන් කළ වාහනයක් කුරුඳුවත්ත පුස්තකාල වටරවුමේදී අද (04) පෙරවරුවේ අනතුරකට ලක් වුණා.

තුවාල ලැබූ ශිෂ්‍යයන් හයදෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා රෝහල් ගත කෙරුණු බවයි පොලීසිය පවසන්නේ.

අනතුර සිදුවන විට ජීප් රථයේ ශිෂ්‍යයන් 13 දෙනෙකු ගමන් කර තිබෙනවා.

මෙම රථ පෙළපාලිය හේතුවෙන් අද පෙරවරුවේ මරදාන හා එ් අවට ප‍්‍රදේශවල වාහන තදබදයක්ද පැවතියා.


Share on Google Plus