මේ ආණ්ඩුව ගෙදර යවන්න බෑ - අශෝක් අබේසිංහ.


දැන් එක එක්කෙනා හීන මවාගෙන ඉන්නවා “මේ රජය ගෙදර යනකල් බලයට එන්න”. හොදට මතක තියා ගන්න මේ ආන්ඩුව 2020 පවතිනවා.ඉට පස්සෙයි මේ රජය ජනාධීපති තුමාට විසුරැවා හරින්න පුලුවන් වන්නේ යැයි ප්‍රවාහන නියොජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා කුරුණෑගල දකුණු ඩිපෝවේ නිරික්ෂණ චාරිකාවේදී මේ බව පැවසීය.

මෙහිදි අමාත්‍ය වරයා කියා සිටියේ හිටපු ජනාධීපති තුමාට අපි ගරු කරණවා මේ ර‍ටේ යුද්ධේ ඉවර කර සාමය උදා කර දුන්නට.ඒ නිසා ජනතාව එතුමට 3/2ක බලයක් දුන්නා.ඇයි දැන් ආයෙත් ජනතාව රවට්ටමින් යන්නේ.එතුමාගේ පවුල සහ ලග ඉන්න හිතවත්තු කළ හොරක්ම් වලට හිරේ යන්න වෙයි කියලා.දැන් ඔය යෝසිත රාජපක්ෂගේ ප්‍රශ්නේ... .ඊමේල 1200ක් තියනවා එතුමා CSN සභාපති විදිහට යවපුවා.කොටි 23 ½ක් යෙදෙවුවේ කොහොමද කියලා කියන්න ඔහුට බෑ.මෙක අහවල් එක්කෙනා දුන්නේ කියනවා.පස් දෙනෙක් ගැන.ඔවුන් කියනවා දුන් නෑ කියලා.එ නිසා තමන් ව සහ තමන් අවට අය රැක ගන්න රට වටා බොරැ කියමින් යනවා මේ දේවල් වහ ගන්න.අපි කොහොමත් ඒකට ඉඩ දන්නේ නෑ.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය මේ වන විට විශාල ප්‍රශ්ණ ගොඩක් තියනවා. මොකද පහුගිය ආණ්ඩු සෑම එකක්ම රක්ෂා දෙන ස්ථානයක් බවට මේක පත්කරගෙන තිබුනේ.තමන්ගේ ආන්ඩුවේ හිතවතුන් රැකියා දීමේ ස්ථානයක් බවට පත් කරලා මේක රැකියා ලබා දීමේ ප්‍රතිපළයක් ලෙස මෙම ආයතන කඩා වැටීමේ තත්වෙට පත්වෙලා තියේන්නේ.ඒක හැම ආන්ඩුවක්ම වග කියන්න ඕනැ. මහා භාන්ඩාගාරයේන් හැම මසකටම කෝඩි 100ක් පඩි ගෙවීම සදහා වෙන් කරණවා. පාරිතෝසිතය කෝටි 240 ක් ගෙවන්න තියනවා.කුරුණෑගල දකුණු ඩිපෝවේ කොටි 03ක්.මෙම පාරිතොසිතය ගෙවීමට රජය මගින් වි‍ශේෂ වැඩ පිලිවලක් කරගෙන යනවා මේ අවුරුද්දේ එක පාර‍ ගෙවිම සදහා.සේවක අර්ථ ශාදක මුදල් කොටි 1070 ගෙවන්න තියනවා.

ජන්දයක් අපුහාම ඔයාලා බෙදිල කැමති එකකට ඡන්දය දීලා කැමති කෙනෙක් පත් කරගන්න හැබැයි ආයතනයේ වැඩ කරද්දි මේ දේවල් අමතක කරල අයතනය එකා වගේ වැඩ කරන්න,මේක ඔබේ,ඔබ වැඩ කලොත් ආයතනය දියුනු වෙලා ඔබට පඩිය ගන්න පුලුවන් වෙන්නේ.එ නිසා මෙ දේවල් කඩා කප්පල් වෙන විදිහට වැඩ කරන්න එපා.
අපි ඉදිරියෙදි අතිරික්ත සේවකයන් සදහා කැමැත්‍තෙන් විශ්‍රාම යන්න වැඩ පිලිවෙලක් ගේනවා.එක කාර්යාල සෙවකයන්ට පමණයි. බස් 5500 යි දවසට දුවන්නේ සේවකායෝ 35000ක් ඉන්නවා..කාර්යාල වල ඉන්නවා 10000ක් එක බස් එකට 6 දෙනා ගානේ ඉන්නවා.ප්‍රධාන කාර්යාලයේ 982ක්. කාරිමිකයෝ 6500ක් ඉන්නවා.10500 ගානේ රියදුරු/ කොන්දොස්තර වරු ඉන්නවා.අඩුතැන්ව ල අඩුයි වැඩි තැන් වල වැඩිය.

මේ නසා මේ දේවල් තුලනය කරලා ඔබ තුමන්ලත් ආරක්ෂා කරලා ආයතනයත් රැකගෙන මේ දේවල් කර‍ගෙන යමු.


Share on Google Plus