ඔක්කොම හොරකම් මෙන්න.

2020 වනවිට ලංකාවේ දූෂණ වංචා පිටුදැකීමේ අරමුණ පෙරදැරිව පසුගිය වසරේ පිහිටුවන ලද දූෂණ විරෝධී පෙරමුණ වෙත අල්ලසට හා දූෂණයට එරෙහි මහජනතාව විසින් ගෙවී ගිය වසර දහය තුළ සිදුවු දූෂණ වංචා සම්බන්ධයෙන් ලබාදෙන ලද තොරතුරු වලට අදාළ ලිපිගොනු විශාල ප්‍ර‍මාණයක් දූෂණ විරෝධී පෙරමුණ විසින් අදාළ අංශ වෙත යොමු කර ඇත. එලෙස ගොනු කරන ලද පැමිණිලි වලට අදාළ ප්‍ර‍ගති සමාලෝචනයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් අප වෙත යොමුකර ඇති අතර ඊට අදාළ සවිස්තරාත්මක තොරතුරු පහත දැක්වේ.

ෆුජි ලංකා සමාගම
රුහුණුපුර බත්තරමුල්ලේ පිහිටි ෆුජි ලංකා සමාගමට සේලයින් නිෂ්පාදනය කිරීම සදහා ටෙන්ඩර් පිරිනැමීමේදී සිදුවු බව කියන දුෂණයක් සම්බන්ධයෙන් අප විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇත.
සිරිලිය සවිය
සිරිලිය සවිය නම් රාජ්‍ය නොවන සංවිධානයට අයත් මහජන බැංකු ගිණුමෙහි කෝටි හතලිස් හයක මුදල් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදු කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අදාළ පුර්ණ විමර්ශනයක් සිදු කරමින් පවතින බව අප වෙත දැනුම් දී ඇත.
ලංකා වානේ සංස්ථාව
රජයේ බදු සහන යටතේ වානේ ගෙන්වා අලෙවි කිරීම මගින් රජයට බදු ආදායම් අහිමි කිරීම පිළිබදව හිටපු ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ලංකා වානේ සංස්ථාව තුළ සිදුකළ බව කියන දූෂණ වංචා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත දැනුම් දී ඇත.
ලක්සල ආයතනය
පසුගිය පාලන සමයේ ලක්සල ආයතනය තුළ සිදුවු බව කියන මුදල් අවභාවිතයන් අදාළ බරපතළ චෝදනා රැසක් අතරින් චෝදනා දෙකක විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අප වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂකවරයෙකු විසින් සිදුකළ බව කියන රාජ්‍ය මුදල් අවභාවිතය සහ අයුතු ධනෝපායන සම්බන්ධයෙන් එම සංස්ථාවේ සේවක පිරිස විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත යොමු කරන ලද පැමිණිල්ලට අදාළ මුලික විමර්ෂන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
රජයේ නියමිත ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් සිදුකළ බව කියන රුපියල් කෝටි දෙකකට අධික රාජ්‍ය මුදල් අවභාවිතයන් පිළිබද මුලික විමර්ශන කටයුතු අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත ලිඛිතව දැනුම් දී ඇත.
මහනුවර දළදා මාළිගාව
මහනුවර දළදා මාළිගාව විසින් පවත්වනු ලබන වාර්ෂික පෙරහැරට අදාළ පෙරහැර භාරය පනතේ වගන්ති වලට අනුව මහා භාරකාරතුමාගේ හා පෙරහැර මණ්ඩලයේ අවසරයකින් තොරව මුදල් එක්රැස් කිරීමට අවසර නැත. එහෙත් එම නීති රීති වලට පටහැනිව යමින් මාළිගාව භාරව සිටින ගිහි ප‍්‍රධානියා විසින් සමාගම් විසිපහකින් පෙරහැර වෙනුවෙන් මුදල් එක් රැස් කර තිබේ. දළදා මාළිගාවට අයත් උඩගෙදර වත්ත ඉඩම කොටස් කර විකුණා එම මුදල් මෙම ගිහි ප්‍ර‍ධානියාට අයත් පුද්ගලික සමාගමක ගිණුමකට බැර කර ගැනීම මගින් දළදා මාළිගාවට අයත් මුදල් අවභාවිතා කර ඇත. ඊට අමතරව දළදා මාළිගාව සතු මුදල් කෝටි එකහමාරක් ඔහුගේ සමාගම් ගිණුමට බැර කරගැනීම ඇතුලු චෝදනා රැසකට අදාළ වාර්තාවක් කැදවා ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
මිහින් ලංකා ආයතනය
කුප්‍ර‍කට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් සිදුකළ බව කියන මහාපරිමාන මුල්‍ය වංචා වලට අදාළ විමර්ශන අවසන් අදියරේ ඇති බවත් අදාළ විමර්ශන වලට අදාළ විදෙස් වාර්තා කැදවා ඇති බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම දූෂණ විරෝධී පෙරමුණට දැනුම් දී ඇත. මෙම මන්ත්‍රීවරයාට එරෙහි පැමිණිල්ලක් ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ දූෂණ විරෝධී හඩ සංවිධානයෙන්ද ගොනු කර ඇති බව වාර්තා වේ.
සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල
අදාළ ආයතනයේ සභාපතිවරයෙකු ඇතුලු නිලධාරින් විසින් පරිපාලන, ප්‍රවාහන, ආයෝජන මුදල්, ස්වයං රැකියා ශිෂ්‍යත්ව, රැස්කිරීම් හා සේවා යෝජක සම්බන්ධතා සහ අධිභාර අංශයන්හි කරන ලද දූෂණ අක්‍ර‍මිකතා වලට එරෙහිව එම ආයතනයේ සේවක පිරිස විසින් අප වෙත ලබාදෙන තොරතුරු අනුව ගොනු කෙරුණු පැමිණිල්ලට අදාළ වාර්තාවක් කැදවා ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය
සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සේවක පිරිස විසින් අප වෙත ලබාදෙන ලද තොරතුරු අනුව අදාළ ආයතනයේ උප-සභාපතිවරිය විසින් වැදගත් නොවන කටයුත්තක් සදහා ලක්ෂ විස්සක මුදලක් ගෘහ නිර්මාණ ශිල්පී ආයතනයකට ගෙවා ඇති අතර නැනිගම ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවෙකුට ලක්ෂ හැටක මුදලක් ගෙවා නැවත එම මුදල සභාපතිවරිය විසින් ලබාගෙන ඇති බවද දූෂණ විරෝධී පෙරමුණට වාර්තා වේ. තවද හයිවේ ඩ්‍රීම්ස් නම් ටිකට්පත වෙනුවෙන් මිලදීගත් මොටර් රථ පනහ සහ කැබ් රථ දෙකක්, ලොරි රථයක් මිලදී ගෙන ඇත්තේ නියමිත ටෙන්ඩර් පටිපාටියට බැහැරව යමිනි. දූෂණ විරෝධී පෙරමුණ විසින් ඇයට එරෙහිව ගොනු කරන ලද චෝදනාවලට පතිමාවත්ත නම් ඉඩම සහ ඇය දැනට පදිංචි නිවස අසල ඇති ඉඩම මිලදී ගැනීමට ආයතනය සතු මුදල් ලක්ෂ නවසියයක් වැය කිරීමද ඇතුළත්ය. එම සවිස්තරාත්මක පැමිණිල්ල උපගොනු පහකට වෙන්කර පරීක්ෂණ සිදුවන අතර එක් ගොනුවකට අදාළ නඩු කටයුතු ආරම්භ කොට ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දන්වා සිටී.
ඛනිජ තෙල් සංස්ථාව
හිටපු ඛනිජ තෙල් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ බව කියන අයුතු ධන ඉපැයීම්, රාජ්‍ය මුදල් සහ දේපළ අවභාවිතා කිරීම් සහ අකාර්යක්ෂම කළමනාකරණයට අදාළ චෝදනා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අප වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
පසුගිය පාලන සමයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයේ නිලධාරින් නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු වලට යෙදවීම හා සියලු වැටුප් දීමනා ලබාදීමෙන් සිදුකරන ලද අයතා මුදල් පරිහරණයන්ට අදාළව ගොනු කරන ලද පැමිණිල්ලට අනුව පූර්ණ විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම අප වෙත දැනුම් දී ඇත.
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව
වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් රජයේ ඉඩම් මාගා ආයතනයට පැවරීමේදී අයතා ලෙස මුදල් අල්ලස් ලබාගැනීමේ චෝදනාව පිළිබද මුලික විමර්ශන අවසන් කොට ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
නිල බලය සහ දේශපාලන බලය උපයෝගී කොටගෙන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට අයත් මුදල් අයුතු ලෙස පරිහරණය කිරීම සහ අයතා වත්කම් උපයාගැනීම් පිළිබද චෝදනා පිළිබද විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත දන්වා එවා ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
දෙනියාය ගොන්ගල ස්ථානයේ ස්ථාපනය කළ ඩොප්ලර් රේඩාර් පද්ධතිය ප්‍ර‍මිතියෙන් තොරවීම හේතුවෙන් සිදුවු මුල්‍ය පාඩුව පිළිබද විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය
අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු සභාපතිනිය විසින් නියමිත පටිපාටිය අනුගමනය නොකර කුප්‍ර‍ට ආරක්ෂක සමාගමකින් ආරක්ෂා සේවා ලබාගැනීම සහ අයතා මුදල් පරිහරණය සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණට කරුණු අනාවරණය විය. අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු සභාපතිනිය සිය නිවසට මෙම සමාගමෙන් ආරක්ෂක භටයින් ලබාගෙන ඇත. ඊට මාසිකව රුපියල් හැට දහසක මුදලක් වැය කර තිබු අතර ඊට අදාළ බිල්පත් ගෙවීම් සිදුකර ඇත්තේ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මුදලිනි. එකම කාර්යය සදහා දීමනා දෙකක් ලබාගැනීමද ඇය විසින් සිදුකළ මුල්‍ය අවභාවිතාවකි. පසුගිය මැතිවරණ සමයේදී හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සදහා අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අරමුදල් හා කාර්යමණ්ඩලය යොදා ගත් බවටද චෝදනා එල්ලවන අතර එම කටයුතු සදහා ආයතනික මුදල් ගෙවීම සම්බන්ධයෙන් දැනට මුලික විමර්ශන ආරම්භ කොට ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම අප වෙත දැනුම් දී ඇත.
නිල් බළකාය
නිල් බලකාය හා තාරුණ්‍යයට හෙටක් යන සංවිධානවල කටයුතු සදහා හිටපු ජනාධිපතිවරයාගේ බලතල යොදාගෙන ඇති බවට එල්ලවන චෝදනා වලට අදාළ පුර්ණ විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත දැනුම් දී ඇත. මැදමුලන අත්තනයාල ප‍්‍රදේශයේ පවත්වන ලද ආගමික උත්සවයක් සදහා ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් මුදල් ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියකගේ මැදිහත්වීම යටතේ නිල් බලකාය හා තාරුණ්‍යයට හෙටක් සංවිධානය එක්ව පැවැත්වු ඇසල උත්සවයට ආධාර කරන ලෙස ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශිර්ෂ යොදාගනිමිනි. එම ආධාර මුදල් අත්තනයාල බෞද්ධ සංගමයේ ගිණුමට චෙක් පතකින් බැර කරන ලෙසද දන්වා තිබුණි.
ශ්‍රී ලංකා විදේශ නියුක්තිකයන්ගේ කාර්යාංශය
විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධන හිටපු ඇමතිවරයාගේ සොයුරිය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයාට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශණ කටයුතු සිදුවෙමින් පවතී. හිටපු ඇමැතිවරයාගේ සොයුරිය සිංගප්පුරුවේ මහකොමසාරිස් කාර්යාලයේ කවුන්සල්වරියක් ලෙස කටයුතු කරන අතරවාරයේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සුභසාධන හා ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය ලෙස කටයුතු කර තිබේ. පසුව සුබසාධන හා ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර වෙනුවට මහජන සම්බන්ධතා පිළිබද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට පත් කර තිබේ. මෙම තනතුරු දෙකටම අදාල වැටුප් ලබාගැනීම ඇය විසින් සිදුකළ නීති විරෝධී ක්‍රියාවකි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයාගේ මිතුරන් විසින් පවත්වාගෙන යන විදේශ රැකියා ඒජන්සිවල සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් විධිමත් කි‍්‍රයාමාර්ග නොගැනීම සභාපතිවරයාට එල්ලවන චෝදනා වේ.
ලිට්‍රෝ ගෑස් ලංකා පුද්ගලික සමාගම
රාජ්‍ය අයිතිය සහිත සමාගමක් වන ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හා ඕමාන් ටේ‍්‍රඩින් ඉන්ට‍්‍රනැෂනල් ආයතය අතර ඇති කරගත් ශෘහස්ථ පර්භෝජන ගෑස් සැපයුම සැපයීමට අදාල ගනුදෙනුවේදී නියමිත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකළ බවට එල්ල වු චෝදනා වලට අදාළ විමර්ශණ සිදුකෙරෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණට දැනුම් දී ඇත. ගෑස් ආනයන කටයුතුවලදී මහාපරිමාන දූෂණ හා වංචා සිදුව ඇති බවත් එමගින් භාණ්ඩාගාරය වෙත ලැබිය යුතු බදු මුදල් අහිමිවීම සම්බන්ධයෙන් සහ කොමිස් මුදල් ලබාගැනීම් සම්බන්ධයෙන් අදාළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය චෝදනා එල්ලවෙයි.
මාර්ගස්ථ හා මගී ප්‍රවාහන අධිකාරිය
බත්තරමුල්ලේ පිහිටි ප්‍ර‍ධාන කාර්යාලයට යාබදව පිහිටි පර්චස් 15ක ඉඩම මිලදී ගැනීම සහ ප්‍ර‍ධාන කාර්යාලය විවෘත කිරීමට අදාළ වියදම් සදහා නිසි ක්‍ර‍මවේදයක් අනුගමනය නොකිරීම මගින් සිදුව ඇති මුල්‍ය අක්‍ර‍මිකතා පිළිබදව විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
මහ බැංකුව
මහ බැංකුවේ හිටපු සභාපතිවරයා රුපියල් මිලියන හතක බැංකු අයිරාවක් මිලදී ගැනීම ඇතුලු චෝදනා රැසක් පිළිබද මුලික විමර්ශන අවසන් වීමෙන් පසු පුර්ණ විමර්ශනයක් සිදුකරමින් පවතී. ඔහු විසින් ඥාතීන්ගේ නම් වලට මිලදී ගෙන ඇති නිවාස සහ ඉඩම් පිළිබදව සහ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ නිවාස මිලදීගැනීම් පිළිබද තොරතුරු දුෂණ විරෝධී පෙරමුණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත බාරදී ඇත.
ශ්‍රී ලංකා කජු සංස්ථාව
රාජ්‍ය මුදල් අවභාවිතය සහ අයතා ධනඋපායන චෝදනා එල්ලවන ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සමාන්‍යාධිකාරීවරයෙකු ඇතුලු ඉහළ නිලධාරින් පිළිබද විමර්ශන සිදුකරමින් පවතින බව දූෂණ විරෝධී පෙරමුණට දැනගන්නට ඇත.
දඹුල්ල මහනගර සභාව
අයුතු ධනවත්වීම, අයතා මුදල් පරිහරණය ඇතුලු විවිධ මුල්‍ය අක්‍ර‍මිකතා වලට සම්බන්ධ දඹුල්ල නගරාධිපතිවරයාට පිළිබද පුර්ණ විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු විසින් ආයතනික වශයෙන් සිදුකර ඇති විවිධ අක්‍ර‍මිකතා සහ මහාපරිමාන මුල්‍ය අක්‍ර‍මිකතා පිළිබද මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂම විසින් දූෂණ විරෝධී පෙරමුණට දැනුම් දී ඇත. සුදුසුකම් නොමැති සේවකයින් රැකියාවලට බදවාගැනීම, ජනාධිපතිවරණ කටයුතු සදහා වාහන දහයක් කුලී පදනම මත ලබාගෙන ලක්ෂ දහයක මුදලක් ගෙවීම සහ පුද්ගලික නිවසක් තැනීම සදහා ආයතනික මුදල් යොදා ගැනීම ඔහුට එල්ලවන චෝදනා අතරවෙයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය
ඉදිකිරීම් සහ පොදු පහසුකම් අමාත්‍යාංශය යටතේ පවතින ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවත්වන ලද මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩමුලු සහ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් වලට අදාළ වවුචර් පිළිබද විධිමත් පරීක්ෂණ පවත්වන ලෙසට දූෂණ විරෝධී පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
නිලාවැලි බීච් හෝටලය සහ අනුබද්ධ සංචාර හෝටල්
හිටපු ජනාධිපතිවරයාගේ ඥාතීන් විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසිකුඩා ටුවරිස්ට් බීච් හෝටලය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිලාවැලි බීච් හෝටලය හා ඊට අනුබද්ධ වෙනත් සංචාරක හෝටල් ඉදිකිරීමට රාජ්‍ය ඉඩම් ලබාගැනීම, ඉදිකිරීම් සදහා රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් භාවිතා කිරීම නිසාවෙන් අදාළ දේපළ රජයට පවරාගන්නා ලෙස දූෂණ විරෝධී පෙරමුණ කරන ලද ඉල්ලීමට අදාළ විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම අප වෙත දැනුම් දී ඇත.
තලවකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය
පසුගිය පාලන සමය තුළ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකළ බව කියන ආයතන සංග්‍ර‍යට පිටින් සිදුකළ වැටුප් දීමනා ගෙවීම්, කොමිස් ගෙවීම් සහ අයතා මුදල් පරිහණයන් පිළිබදව කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත දැනුම් දී ඇත.
ලේක් හවුස් ආයතනය සහ වරාය අධිකාරිය
ලේක් හවුස් ආයතනයේ සහ වරාය අධිකාරියේ අධීක්ෂණ තනතුරු දරමින් අයතා මුදල් ඉපැයු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකගේ වත්කම් සහ දේපළ පිළිබද පරීක්ෂණයක් සිදුකරන ලෙස අප විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ මුලික විමර්ශන අවසන් කොට අදාළ අංශ වෙත යොමු කර ඇත.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
අදාල ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකුට එල්ලවී ඇති රාජ්‍ය දේපල සොරකම් කිරීම, ව්‍යාජ උප්පැන්න හැදුනුම්පත් නිකුත් කිරීම, ව්‍යාජ ග්‍රාම නිලධාරී කොට්ඨාස මුද්‍රා තැබීම, ව්‍යාජ මුද්‍රාවන් මත ජාතික හැදුනුම්පත් සකස් කිරීම සහ රාජ්‍ය මුදල් අවභාවිතයන්ට අදාළ චෝදනා පිලබද මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අප වෙත දැනුම් දී ඇත. වාහන දෙකක් අනුමත පිරිවිතරයන්ට පරිභාහිරව මිලදී ගැනීම ඇතුලු විවිධ මුල්‍ය අක්‍ර‍මිකතා රැසක්ද අදාළ චෝදනා ගොනුවට ඇතුළත්ය.
කතරගම ප්‍රාදේශීය සභාව
කතරගම ප්‍රාදේශීය සභාවේ වත්කම් අවභාවිතය, දේපළ අනිසි ලෙස භාවිතා කිරීම, සමීපතමයන්ට දේපළ පැවරීම, කූට ලේඛන ඉදිරිපත් කර දේපල ලබාගැනීම, ටෙන්ඩර් පටිපාටියට පිටින් මිලදී ගැනීම් සිදුකිරීම සහ චේතනාන්විත රාජ්‍ය මුදල් අවභාවිතය පිළිබද සවිස්තර වාර්තාවක් සහිත පැමිණිල්ලක් පසුගිය වසරේ දූෂණ විරෝධී පෙරමුණ විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත භාරදෙන ලදී. එම පැමිණිල්ලට අදාළ මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම අප වෙත ලිඛිතව දැනුම් දී ඇත.
තැපැල් අමාත්‍යාංශය
තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ආරක්ෂිත පටි සැපයීමේදී ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කටයුතු කර ඇති බවට සහ වංචනිකව ටෙන්ඩර් ප්‍ර‍ධානය කර අල්ලස් ලබාගෙන ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය
පසුගිය පාලන සමයේ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා විසින් සිදුකළ බව කියන කොමිස් ලබාගැනීම, දේපල අවභාවිකය සහ විවිධ මුල්‍ය වංචා සම්බන්ධයෙන් පුර්ණ විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව දූෂණ විරෝධී පෙරමුණට දැනගන්නට ඇත.
කොටපොළ විවිධ සේවා සමූපකාර සමිතිය
මාතර දිස්ත්‍රික් සමූපකාර ග්‍රාමීය බැංකු සංගමය, මාතර දිස්ත්‍රික් තේ නිපදවන්නන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ජාතික සමූපකාර රක්ෂණ මණ්ඩලය යන ආයතන තුනෙහි සිදුවී ඇති මූල්‍ය දූෂණ වංචා වලට අදාළ මුදල් රෙගුලාසි උල්ලංඝණය, 1972 අංක 5 දරණ සමූපකාර පනත උල්ලංඝණය කිරීම සහ මුදල් අවභාවිතය සහ අයතා දේපළ මිලදී ගැනීම පිළිබද මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අප වෙත දැනුම් දී ඇත.
ලාෆ් ගෑස් ලංකා පීඑල්සී සහ ලිට්‍රො ගෑස් මාවනැල්ල
ලිට්‍රො ගෑස් ලංකා ලිමිටඩ් සහ ඕමාන් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් ආයතන අතර ඇති කරගත් ගිවිසුමට අදාළ ගනුදෙනු සිදුවී නොමැති බවත් ආයතන කටයුතු වලදී මහාපරිමාණ දූෂණ සිදුවීමෙන් බදු මුදල් අහිමිවීම ඇතුලු මහා පරිමාණ මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් විධිමත් පරීක්සණ සිදුකරන ලෙස දූෂණ විරෝධී පෙරමුණ විසින් කරන ලද පැමිණිල්ලට අදාළ මුලික විමර්ශන අවසන් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත. අදාළ චෝදනා ගොනුව අතරට රුපියල් මිලියන 1293ක මුල්‍ය වංචාවක්ද ඇතුළත්ය.
තංගල්ල බේ හොටෙල්
හිටපු ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයෙකු තංගල්ල නගරාසන්නයේ බේ හොටෙල් නම් ආයතනය මිලදී ගැනීම හා සංවර්ධනය කිරීමට දේපළ උපයාගත් ආකාරය පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසත් රාජ්‍ය දේපළ සහ ජනාධිපති ආරක්ෂක අංශ යොදාගැනීම පිළිබදව අප විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
මීරිගම විවිධ සේවා සමූපකාර සමිතිය
සමිති නිලධාරීන්ගේ අයතා මූල්‍ය ගනුදෙනු, මුල්‍ය දූෂණ, අයතා දේපළ අවභාවිතය පිළිබද අදාළ සමිතියේ සාමාජිකයන් විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත ඉදිරිපත් කර ඇති තොරතුරු වලට අදාළව මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම විසින් අප වෙත දැනුම් දී ඇත.
දක්ෂිණ සංවර්ධන අධිකාරිය
ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරියත් ඔස්ට්‍රේලියාවේ චාම්වේ සමාගමත් අතර ඇති කරගත් බද්ධ ගිවිසුමක් අනුව විදුලි සංදේශ කොමිෂම මගින් නිකුත් කළ තරංගමාලා වංචනිකව ලබාගැනීම තුළින් රජයට ලැබිය යුතු මුදල් අහිමි කිරීම හා රාජ්‍ය දේපල කූට ලෙස අවභාවිතය පිළිබද චෝදනා පිළිබද මුලික විමර්ශන සිදුකරමින් පවතියි.
ජාඇල ලුර්දු පැලස්
අයතා මුදල් ඉපයීම් සහ වැට් බදු වංචා පිළිබද මෙරට ප්‍ර‍කට ව්‍යාපාරිකයෙකු එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත ලිඛිතව දන්වා එවා ඇත.
චෝගම් මීඩියා සෙන්ටර්
මෙම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකළ බව කියන විවිධාකාරයේ මුදල් අවභාවිතයන් පිළිබද විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා අප විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ මුලික විමර්ශන සිදුවෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම අප වෙත දන්වා ඇත.
අපදා කළමනාකරණ අමාත්‍යාංශය
අපදා කලමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් සහ නෙදර්ලන්ත පුද්ගලික බැංකුවක් අතර ඇති කරගත් ගිවිසුමකින් ළුලදායී නොවන ව්‍යාපෘතියක් සදහා යුරෝ මිලියන 600ක බැංකු ණයක් අධික පොලියට ලබාගැනීමෙන් සිදුවු පාඩුවට අදාළ පරීක්ෂණ මුලික විමර්ශන අදියරෙහි පවතින බව දූෂණ විරෝධී පෙරමුණට වාර්තා වේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
8 වන සැතපුම් කනුව, උන්නිච්චේනයි, මඩකලපුව යන ස්ථානයේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීමෙන් රුපියල් මිලියන 9.2ක් අයතා පරිහරණය ඇතුලු විවිධ සංවර්ධන යෝජනා වලින් සිදුව ඇති මුල්‍ය අක්‍ර‍මිකතා සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට චෝදනා එල්ලවෙයි. මෙම චෝදනා වලට අදාළ මුලික විමර්ශන සිදුවෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණට ලිඛිතව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
රුහුණු එක්ස්පෝ වෙළද ප්‍ර‍දර්ශණයෙහි කටයුතු සදහා ව්‍යාජ බිල්පත් යොදාගෙන රුපියල් මිලියන 3000ක් හෝ ඊට ආසන්න මුදලක් කූට ලෙස ලබාගැනීම, රජරට එක්ස්පෝ ප්‍ර‍දර්ශනය සදහා මිලියන 150ක මුදලක් අනුමැතියකින් තොරව භාවිතා කිරීම සහ ආයතනයේ ගබඩා පාලනයේදී චේතනාන්විතව වංචා සිදුකිරීම ඇතුලු මහාපරිමාන දූෂණ වංචා රැසකට අදාළව එවකට සිටි සභාපතිතුමා සහ මුදල් අධ්‍යක්ෂවරයාට විරුද්ධව දූෂණ විරෝධී පෙරමුණ විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ මුලික විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම අප වෙත දැනුම් දී ඇත.
ලංකා පොහොර සංස්ථාව
පුර්ණ රාජ්‍ය සමාගමක් ලෙස ක්‍රියාත්මක වන ලංකා පොහොර සමාගම තුළ සිදුව ඇති මුදල් සහ දේපළ අවභාවිතයන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සදහා නිළධාරීන් යෙදවීමට ක්‍රියා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට අයත් මුදල් රුපියල් මිලියන 10ක් පමණ අවභාවිතා කිරීම ඇතුලු විවිධ අක්‍රමිකතා පිළිබදව අප විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ පරීක්ෂණ සිදුකිරීම සදහා නිළධාරීන් යෙදවීමට ක්‍රියා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
එන්. ආර්. කන්සල්ටන්සීස් තුරගතරග පිටිය
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් බව පවසන එන්. ආර්. කන්සල්ටන්සීස් ආයතනයේ ප්‍ර‍ධාන විධායක නිලධාරීවරයා විසින් අයතා ලෙස උපයාගන්නා ලද මුදල් වලින් මිලියන 200 ක් වියදම් කොට ආර් ඇන්ඩ් ආර් නමින් ව්‍යාපාර ස්ථාන දෙකක් සිය බිරිදගේ නමින් පවත්වාගෙන යාම, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුළ සහ නාරාහේන්පිට ඉලෙක්ට්‍රිනික් ෂොප් නමින් ආයතන කිහිපයක් පවත්වාගෙන යාමට අදාළ පරීක්ෂණ පැවැත්වීමට නිලධාරීන් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත. ඊට අමතරව ඔරැකල් ඉන්ටර්නැෂනල් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අතර ගිවිසුමක් අත්සන් කොට රුපියල් මිලියන දෙකක අල්ලසක් ලබාගැනීමද ඔහුට එල්ලවී ඇති තවත් චෝදනාවකි.
ස්වාධීන රූපවාහිනී සේවය
හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ස්වාධීන රූපවාහිනිය මිලියන 200 කට ආසන්න මුදලක් වියදම් වියදම් කළ බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ පරීක්ෂණ ආරම්භ කිරීම සදහා නිළධාරීන් පත් කිරීම ඉදිරියේදී සිදුවන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
කුරුණෑගල මහ නගර සභාව
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 70 වන වගන්තියට අදාළව කුරුණෑගල නගරාධිපති සහ නිලධාරීන් විසින් බදු අය කිරීමේදී සිදුකර ඇති වංචා සහ අක්‍ර‍මිකතා පිළිබද සොයා බැලීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම පවසයි.
පශ්‍ර‍ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය
පශ්‍ර‍ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන කිහිපයක සිදුවු දූෂණ අක්‍ර‍මිකතා සහ මුදල් අවභාවිතයන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලයට චෝදනා එල්ලවෙයි. එම චෝදනාවන්ට අදාළ පරීක්ෂණ ආරම්භ කිරීම සදහා නිළධාරීන් පත් කිරීම ඉදිරියේදී සිදුවන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂම අප වෙත දැනුම් දී ඇත.
ලංකා බැංකුව
බී.එම්.අයි.සී.එච් ලංකා බැංකු ශාඛාවෙහි සිදුව ඇති දූෂණ වංචා සහ අයතා වත්කම් ඉපයීම් සම්බන්ධව දූෂණ විරෝධී පෙරමුණ විසින් ගොනු කර ඇති පැමිණිල්ලට අදාළ මුලික විමර්ශන කටයුතු සිදුවන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය
පසුගිය පාලන සමයෙහි ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයෙහි සභාපතිනිය විසින් සිදුකරන ලද බව කියන මුදල් හා දේපළ අවභාවිතාය සහ චේතනාන්විතව මුදල් රෙගුලාසි උල්ලංඝණය යන චෝදනා ඇතුළත් පැමිණිල්ලට අදාළ පරීක්ෂණ ආරම්භ කිරීම සදහා නිළධාරීන් පත් කිරීම ඉදිරියේදී සිදුවන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත. ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ මුදල් යොදාගෙන විදෙස් සංචාරවල නිරතවීමද ඇයට එල්ලවී ඇති චෝදනා අතර වෙයි.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව
පසුගිය පාලන සමයෙහි සමුපකාර තොගවෙළද සංස්ථාව තුළ සිදුව ඇති පරිපාලන අක්‍ර‍මිකතා සහ කූට ධන උපායන පිළිබද සොයා බැලීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ලංකා පොහොර සංස්ථාව
පසුගිය පාලන සමයෙහි පොහොර සංස්ථා භූමියේ පිහිටා ඇති ගබඩා හයක කාපට් ඇතිරීම වෙනුවෙන් ආයතනික ගෙවීම් වලට අදාළව කාපට් ඇතිරීම සිදුවී නොමැති බවට දූෂණ විරෝධී පෙරමුණ වෙත තොරතුරු ලැබී ඇත. මෙම මුල්‍ය අක්‍ර‍මිකතාවය පිළිබද විමර්ශනයක් පැවැත්වීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට අදාළ මුලික පරීක්ෂණ සිදුකිරීම සදහා නිළධාරීන් යෙදවීමට ක්‍රියා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය
පසුගිය පාලන සමයෙහි නාගරික සංවර්ධන අධිකාරියේ දේපල සහ මුදල් දේශපාලන ප්‍රචාරණ කටයුතු සදහා යොදා ගැනීම සහ රජයේ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීම පිළිබද මුලික විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දන්වා එවා තිබේ.
කොළඹ මහනගර සභාව
කොළඹ නගර සභාවේ සේවය කරන ලද නාගරික වෛද්‍යවරයෙකු විසින් වෛද්‍යවරයා රාජකාරි කටයුතු වලට අල්ලස් ලබාගෙන ඇති බවට සහ පරිපාලන දීමනා ලබමින් පුද්ගලික වෛද්‍ය සේවයේ නිරතවීමෙන් වංචනිකව මුදල් උපයා ඇති බවට ගොනු කරන ලද චෝදනා පිළිබද මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂම අප වෙත දැනුම් දී ඇත. තවද ඔහු විසින් ජාතික ගමනාගමන මණ්ඩලයට සහ කොළඹ නගර සභාවට අයත් වාහන දෙකක් ඉන්ධන සහ රියදුරන්ද ඇතුළත්ව ලබාගෙන ඇත්තේ පවත්නා නීති රෙගුලාසි වලට පටහැනිවය.
පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
රක්ෂිත ඉඩම් අවභාවිතය, රාජ්‍ය දේපළ කූට ලේඛන සකසා අන්සතු කිරීම සහ රාජ්‍ය දේපළ දූෂිත ලෙස පරිහරණය කොට උපයාගත් මුදල් වලින් තමාට මෙන්ම පවුලේ ඥාතීන්ට වත්කම් රැස් කිරීම පුත්තලම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත එල්ලවන චෝදනාවන්ට අදාළ මුලික විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණට දන්වා එවා ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහල්කඩ යාන්ඔය ව්‍යාපෘතියට අවශ්‍ය වැලි, පස් හා වෙනත් අමුද්‍ර‍ව්‍ය ලබාගැනීමේදී අනුගමනය කල යුතු නිසි ක්‍ර‍මවේදයන් අනුගමනය නොකිරීම සහ පොදු දේපල අයතා ලෙස පරිහරණය කිරීමට පිළිබද පරීක්ෂණ සිදුකිරීම සදහා නිළධාරීන් යෙදවීමට ක්‍රියා කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා ටෙලිකොම් පී.එල්.සී
පසුගිය පාලන සමයෙහි සිදුවු බව කියන දේශපාලන බලය යොදාගනිමින් ආයතනය සතු බිලියන ගණනක මුදල් අවභාවිතා කිරීමට අදාළ මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අප වෙත දන්වා එවා තිබේ.
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය
ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනයේ සිදුවු බව කියන තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තා නොසළකා මිලදී ගැනීම් සිදුකිරීම සහ ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝණය කිරීම් ආදී චේතනාන්විත මුදල් වංචා කිරීමට අදාළව දූෂණ විරෝධී පෙරමුණ විසින් ගොනු කරන ලද පැමිණිල්ලට පිළිබද විමර්ශන කටයුතු සිදුකිරීම සදහා නිලධාරින් පත්කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අප වෙත දැනුම් දී ඇත. ඊට අමතරව දෙහිවල, නයිවල, ලබුදුව සහ මට්ටක්කුලිය යන තාක්ෂණික ආයතන ඉදිකිරීමේදී සිදුව ඇති විනිවිද නොවන ගනුදෙනු සහ ආයතනයට අවශ්‍ය මල්ටි මීඩියා උපකරණ මිලදී ගැනීමේදී වෙළදපොලේ පවතින මිලට වැඩි මිලක් ගෙවීමෙන් කූට ලෙස මුදල් උපයා ඇති බවද දූෂණ විරෝධී පෙරමුණට කරුණු අනාවරණය වී ඇත.
භික්ෂු විශ්වවිද්‍යාලය
හිටපු උසස් අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යවරයා සහ ලේකම්වරයා විසින් සිදුකළ බව කියන අයතා මිලදී ගැනීම් සහ රාජ්‍ය දේපළ අන්සතු කිරීම් වලට අදාළව මුලික විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව දැනගන්නට ඇත. පරිපාලන කටයුතු වලදී රජයට හිමිවිය යුතු ආදායම් අහිමිවන අන්දමින් කටයුතු කිරීමද එම චෝදනා ලැයිස්තුවට ඇතුළත්ය.
පේරාදෙනිය ජාතික අධ්‍යාපන ආයතනය
පේරාදෙනිය ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරින් සහ සේවකයන් එක්ව ගෙවී ගිය කාලය තුළ සිදු කරන ලද පරිපාලන සහ මුල්‍ය දුෂණ පිළිබදව විමර්ශන සිදුකිරීම සදහා නිළධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
කොළොන්නාව විවිධ සේවා සමුපකාර සමිතිය
කොළොන්නාව විවිධ සේවා සමුපකාර සිමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ගෙවී ගිය සමයේ සිදුකළ බව කියන මුල්‍ය අක්‍රමිකතා, මුල්‍ය දූෂණ සහ මුදල් අවභාවිතයන් සම්බන්ධයෙන් මුලික විමර්ශන සිදුකරමින් පවතින බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත දැනුම් දී ඇත.
අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය
අම්පාර දිස්ත්‍රික් ලේකම්වරයෙකු විසින් නිල බලය හා දේශපාලන බලය යොදාගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සහ පොදු දේපළ දේශපාලන කටයුතු වලට යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අප වෙත දැනුම් දී ඇත.
ආරක්ෂක අමාත්‍යාංශය
නිල බලය යොදාගනිමින් අයතා ලෙස ටෙන්ඩර් ප්‍රදානය මගින් රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සහ අල්ලස් ලබාගැනීමෙන් අයතා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් පසුගිය පාලන සමයේ ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරිනියකට චෝදනා එල්ලවෙයි. ඇයට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණ විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ මුලික විමර්ශන ආරම්භ කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය
පසුගිය පාලන සමයේ සිලෝන් ෂිපින් ලයින් හා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරුන්ගේ මැදිහත්වීමෙන් ඔරුගොඩවත්තේ අක්කර නවයක විශාල ඉඩමක් පුද්ගලික සමාගමකට පවරා අඩු බිම් කුලියක් ලබාගැනීමෙන් රජයට අහිමි වන ලද ආදායම් පිළිබදව විමර්ශන සිදුකිරීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දන්වා එවා ඇත.
ජාතික ශිෂ්‍යභට බලකාය
පසුගිය වසර දහය තුළ සිදු කරන ලද විවිධ මුල්‍ය අක්‍ර‍මිකතා සහ මුදල් අවභාවිතයන් පිළිබද විමර්ශන සිදුකිරීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
මහරගම පිළිකා රෝහල
නියමිත ටෙන්ඩර් පටිපාටියට පිටින් රෝහලට ඇදන් 300ක් ලබාගෙන කූට ලෙස මුදල් උපයා ගැනීම සහ රාජ්‍ය මුදල් අවභාවිතයන් සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයෙකුට චෝදනා එල්ලවෙයි. ඔහුට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණ විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකිරීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
මඩකලපුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව
මඩකලපුව වාරිමාර්ග කලාපය තුළ සිදුව ඇති මුල්‍ය වංචා සහ රාජ්‍ය මුදල් හා දේපළ අයතා පරිහරණයට අදාළව විමර්ශන සිදුකිරීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් දූෂණ විරෝධී පෙරමුණ වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ පවුලේ සාමාජිකයන් මන්නාරම ප්‍රදේශයේ අක්කර 3000කට අධික රජයේ ඉඩම් අයුතු ලෙස ලබාගැනීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ වෙත ලැබුණු තොරතුරු පදනම් කර ගොනු කරන ලද පැමිණිල්ලට අදාළ විමර්ශන සිදුකිරීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාව
පසුගිය වකවානුවේ මාලිමා ව්‍යාපෘති ගිණුමෙන් මුදල් අවභාවිතා කිරීමට අදාළව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අද්මිරාල්වරු දෙදෙනෙකුට එරෙහිව දූෂණ විරෝධී පෙරමුණ විසින් ගොනු කරන ලද පැමිණිල්ලට අදාළව විමර්ශන සිදුකිරීම සදහා නිලධාරින් යෙදවීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අප වෙත දැනුම් දී ඇත.
තුසිත බාලසුරිය
පර්යේෂණ සංවර්ධන හා මහජන සම්බන්ධීකාරකදූෂණ විරෝධී පෙරමුණ
0754600656
Share on Google Plus