පාන් 60ට නගී.



තිරිඟු පිටි මිල ඉහළ දැමීමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 2.50 ත් 5.00 ත් අතර මිලකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ සමඟම සියලු බේකරි නිෂ්පාදනවල ද මිල ඉහළ යා හැකි බව එම සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ඊයේ (13 වැනිදා) පැවසීය.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය අද හෙටම ප්‍රකාශයට පත්කරන බව ජයවර්ධන මහතා කීය.

දැන් වෙළෙඳපොළේ පාන් ගෙඩියක මිල රුපියල් 55 ක්‌ වන අතර මේ තත්ත්වය මත ඉදිරියේදී පාන් ගෙඩිය රුපියල් 60 දක්‌වා ඉහළ යන බව වාර්තා වේ.

Share on Google Plus