මහින්ද ඇතුලු 35කට පා.ම.ත් නැතිවෙයි.


ඒකාබද්ධ විපක්ෂය ඊයේ සංවිධානය කළ ජන සටන රැුළියට එක්වූ නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධානය යොමුකර තිබෙනවා. පක්ෂයේ විනය නිති උල්ලංඝණය කරන තැනැත්තන්ට තරාතිරම නොබලා කටයුතු කිරීමට පක්ෂය තීරණය කර ඇති බවයි එහි මධ්‍යම කාරක සභික හිටපු අමාත්‍ය නන්ද මිත්‍ර ඒකනායක මහතා සදහන් කළේ. ඒ මහතා කියා සිටියේ කවරකු හෝ පක්ෂයේ විනය කටයුතුවලට හානියක් වන ආකාරයට හා පක්ෂයට හානිදායක වන අයුරින් කටයුතු කිරීම සිදු කරයිනම් එම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අහිමි කළ හැකි බවයි. මෙම සිද්ධියට අදාළ මන්ත‍්‍රීවරුන්ට එරෙහිව ඒ යටතේ විනය පරීක්ෂණයක් පැවැත්වෙනු ඇති බවයි නන්දිමිත‍්‍ර ඒකනායක මහතා පැවසුවේ. ඉන් වරදකරුවන් වන්නේ නම් පක්ෂයෙන් නෙරපීම හෝ මන්ත‍්‍රී ධූරයෙන් නෙරපීම දක්වා දඩුවම් ලබාදිය හැකි බවද ඔහු අවදාරණය කළා.

ඊයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැුළියට සහභාගී නොවන ලෙසයි නිදහස් පක්ෂය සිය මන්ත‍්‍රීවරුන්ට දැනුම්දී තිබුණේ, ඊට අදාළව පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා විසින් මන්ත‍්‍රීවරුන්ට ලිපි මගින්ද දැනුම්දීමක් සිදුකර තිබුනා

කෙසේ වෙතත් ඊයේ පැවැති රැළියට සන්ධාන මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 35 දෙනකු එක්ව සිටියා. ඔවුන් සම්බන්දයෙන් මේ යටතේ විනය පියවර අනුගමනය කිරීමට නියමිතයි.

Share on Google Plus