'ඇඹිලිපිටියේ තරුණයා' ගොඩ ගැනේ


ඇඹිලිපිටිය නගරයේ නිවසක පැවති සාදයකදී පොලිසිය සමග ඇති වූ ගැටුමකින් මියගිය බව කියන සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ සිරුර අද (10) ගොඩ ගැනීමට නියමිතයි. 


ඒ, ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතාගේ නියෝගයකට අනුවයි. 


අද ගොඩගැනෙන සුමිත් ප‍්‍රසන්නගේ මළ සිරුර සම්බන්ධයෙන් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.


නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුදර්ශන ද සිල්වා මහතා ඉකුත් දා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම මරණය සම්බන්ධයෙන් යළි පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. 

ඒ අනුව කොළඹ ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා. 

එම මරණ පරීක්ෂණය පිළිබඳ වැඩිදුර විභාගය ලබන 16 වෙනිදා සිදුකෙරෙනු ඇති. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සහකාර පොලිස් අධිකාරී ඞී.ඩබ්ලිව්.සී. ධර්මරත්න මහතා ද එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Share on Google Plus