ගම්මන්පිල, වීරවංස අන්ත ජාතිවාදීන්.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කරමින් වෙනත් පක්ෂ පිහිටුවීමට මෙම අවස්ථාවේ රට අරාජික කරවීමට හේතුවන තීරණයක් බවත් එයට තම පක්ෂය කිසිසේත් සහයෝගය නොදක්වන බවත් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්සයේ ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පවසයි.

රාවය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ වෙනත් පක්ෂ නිර්මාණය කිරීම එහි නායකත්වය ගන්නා පුද්ගලයන්ට මිස පොදු ජනතාවගේ යහපත උදෙසා ගන්නා තීරණයක් නොවන බවයි.

මේ වනවිට නව පක්ෂයක් පිළිබඳව අදහස් පළ කරන උදය ගම්මන්පිල හා විමල් වීරවංස යන දෙපළම අන්ත ජාතිවාදීන් වීම නිසා නව පක්ෂය කිසිසේත්ම වාමාංශික හෝ ප්‍රගතිශීලී අදහස් මත ක්‍රියාත්මක නොවනු ඇතැයි ඔහු පෙන්වා දෙන්නේය. 

මේ වනවිට ආණ්ඩුවට ගෙන ආ යුතු විවේචන තිබුණද විපක්ෂ කණ්ඩායම එම සාධනීය විවේචන වෙනුවට ජාතිවාදී තර්ක පමණක් ගෙන එමින් සිටින බවද ඔහු පවසයි.

Share on Google Plus