පොල් ගැසූ කිහිප දෙනාට එවෙලෙම පළ දුන් බව ඒකාබද්ධ විපක්ෂයෙන් ම කියයි.


පොල් ගසා අවලාද කිරීමෙන් ආණ්ඩු පෙරළීමටවත් රටක් හරි මගට ගැනීමටවත් නොහැකි  යැයි ඒකාබද්ධ විපක්ෂයේ  මන්ත්‍රී විධුර වික්‍රමනායක මහතා පැවැසීය.

පාක්ෂිකයාගේ සාමූහික හැගීම ආරක්ෂා කළ යුතු නිසා තමන් සීනිගම ගියත්  බුදු දහම අනුව කටයුතු කරන තමා  කිසිදු දිනෙක කාහටවත් අවලාද නඟන්නේ නැතැයි හෙතෙම අවධාරණය කළේය.

පොල් ගසා ටික වේලාවකින්  මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ  මුදල් පසුම්බි හොරකම් කිරීමෙන්  එවැනි ක්‍රියා ප්‍රශ්න කෙරෙන්නේ යැයි  කී වික්‍රමනායක මහතා තමාගේ එකම ප්‍රාර්ථනාව වූයේ රටට සෙතක් වේවා යැයි ද සඳහන් කළේය. 

Share on Google Plus