'බලු කතාවක්' කල දෙරණේ සංඛ ගෙදර යවයි (video)


පසුගිය නිදහස් දින පැවති සැදෑ උත්සවයේදී ගායිකාවක් විසින් ගායනා කල ‘දන්නෝ බුදුන්ගේ’ ගීතය පිළිබඳව 'දෙරණ-අරුණ' වැඩසටහනේදී ද්වේශ සහගතව අදහස් දැක්වූ නීතිඥ සංඛ අමරජිත් මහතාගේ සේවය වහාම අත්හිටුවීමට එම ආයතනයේ පාලනාධිකාරිය තීරණය කර ඇත.

එම ගායනය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ''මද කිපී ලතෝනි දෙන බැලලියන්ට ගඩොල් බාගයකින් ගසා පන්නනු..'' යයි 'අරුණ' වැඩසටහන මෙහෙයවූ සංඛ අමරජිත් මහතා පැවසිය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (13) දිනයේ බදුල්ලේ සිට කරන ලද විශේෂ ප්රකාශයේදී දෙරණ රුපවාහිනියේ නම සඳහන් කරමින්, දෙරණ නිවේදකයා සිදුකල ද්වේශ සහගත ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකිමින් දෝෂාරෝපනය කලේය.

අගමැතිවරයා එහිදී කියා සිටියේ ‘බල්ලන්ට බලූ වැඩ කරන්න අපි ඉඩදෙන්නෙ නෑ’ යනුවෙනි.

රාජපක්‍ෂ යුගයේ සට්ටැඹියන් තවම සිටින බවද කී අගමැතිවරයා, රූපවාහිනී නාලිකාවල විකාශන බලපත්‍ර ලබා දෙන්නේ රජය බවත් එකී සිදුවීම සම්බන්ධයෙන් දෙරණ ප්‍රධානීන් කැඳවා කරුණු විමසන බවත් කියා සිටියේය.

මාධ්‍ය හමුව අවසානයේ අගමැතිවරයා විසින් දෙරණ නාලිකාව වෙනුවෙන් සහභාගී වූ වාර්තාකරු කැඳවා පෙර කී සිදුවීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග විමසා ඇත.

දෙරණ නාලිකාව ඒ සම්බන්ධයෙන් පසුදා කණගාටුව ප්රකාශ කල බව වාර්තා කරු සඳහන් කර ඇති අතර අගමැති වික්‍රමසිංහ මහතා ඔහුට දන්වා ඇත්තේ දෙරණ නාලිකාවේ විකාශන බලපත්‍රය රැකෙන ලෙස වහා කටයුතු කරන ලෙසයි.





Share on Google Plus