අරුන්දිගෙන් මහින්ද ඇතුළු නඩයට චෝදනා වැලක්. (Video)


පැවති මහ මැතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ලබාගෙන විපක්ෂයේ කාර්ය භාරය ඉටු කරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 60දෙනෙකුගේ අත්සන් සහිත ලිපියකින් මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියද මහින්ද රාජපක්ෂ මහතාගෙන් එයට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ බවත් එම ලිපිය කතානායකවරයා වෙත යොමු කිරීමට හෝ ඉඩක් ලබා නොදුන් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රණාන්දු මහතා පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් පැවසීය.

අඩුම තරමේ දිනේෂ් ගුණවර්ධන මහතා හෝ විපක්ෂ නායක ලෙස කටයුතු කිරීමට සූදානම් නොවී මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි තමන් වැනි පසුපෙළ මන්ත්‍රීවරුන් ඉතාමත් අසරණ තත්වයකට ඇද දැමූ බවත් අරුන්දික ප්‍රණාන්දු මහතා වැඩිදුරටත් පවසයි. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා දැමීම සඳහා මානමබලන සන්ධානයේ පක්ෂ නායකයින් මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක විය යුතු යන යෝජනාවට අත්සන් තැබීම පවා ප්‍රතික්ෂේප කළ බවත් එවැනි අන්තවාදී නායකයින් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිනෙන් දින පරාජයේ දිසාවට ගමන් කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.



Share on Google Plus