UN මහලේකම් අවසන් ගමන් යයි


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම්වරයෙකු වූ භුට්‍රොස් භුට්‍රොස්-ඝාලි මහතා අවුරුදු 93ක් ආයු වළඳා ජීවිතක්ෂයට පත්ව ඇති බව එම සංවිධානය නිවේදනය කරයි.

උකුල් ප්‍රදේශයේ බිඳීමක් හේතුවෙන් ඊජිප්තුවේ, කයිරෝ අගනුවර රෝහලකට ඇතුළත් කර තිබියදී ඔහු 16දා ජීවිතක්ෂයට පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනිසියුලානු තානාපතිවරයා මෙන්ම, එම සංවිධානයේ ආරක්ෂක අංශ කවුන්සිලයේ වත්මන් සභාපතිවරයාද ඔහුගේ මරණය සිදුව ඇති බව තහවුරු කර තිබේ.

ඊජිප්තු ජාතිකයෙකු වන භූට්‍රොස්-ඝාලි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රථම අරාබි ජාතිකයා ලෙසද ඉතිහාසයට එක්ව සිටියේය.

ලෝකයම ගල්ෆ් යුද තත්ත්වයෙන් ඇලලී ගිය යුගයක වර්ෂ 1992 දී සංවිධානයේ මහ ලේකම් ධුරයට තේරී පත්වූ ඒ මහතා වසර පහක කාලයක් එම ධුරයේ කටයුතු කළේය.


Share on Google Plus